අවශ්‍ය ද්‍රව්‍ය
- කොටුවට කපාගත් ටෝෆු ග්‍රෑම් 200
- ලොකුවට කපාගත් ළූණු ගෙඩි 1
- කපාගත් මාළුමිරිස් කරල් 2
- කපාගත් තක්කාලි ගෙඩි 2
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු
- පේස්ට් මේස හැඳි 1
- සෝස් එකට
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
- සෝයාසෝස් මේස හැඳි 4
- තක්කාලි සෝස් මේස හැඳි 4
- සීනි මේස හැඳි 2
- චිලී සෝස් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
පෑන් එකට තෙල් ටිකක් දාලා ටෝෆු ටික දාලා පෑන් ෆ්‍රයි කරගන්න. සෝස් වර්ග ටික හා සීනි එකට කලවම් කරගෙන සෝස් එක හදල පැත්තකින් තියාගන්න.ටෝෆු බැදගත් පෑන් එකටම තව තෙල් ටිකක් දාලා ඉඟුරු සුදු ලූනු පේස්ට් එක දාගන්න.
ඊළඟට කපාගත් එළවළු ටික දාගෙන තෙම්පරාදු කරගන්න. ඒකට සෝස් එකත් දාලා කලවම් කරලා ටෝෆු කෑලි ටික දාගන්න. හොඳට කලවම් කරලා ළිපෙන් බාගන්න.