කාර්යබහුල වෘත්තීය ජීවිතයක් ගෙවන කොළඹ ගලදාරි හෝටලයේ සේවක මඩුල්ල වෙනුවෙන් ගලදාරි හෝටලයේ කළමනාකාරීත්වය අපූර්ව වැඩක් පසුගියදා සංවිධානය කර තිබුණා. එය නම්කර තිබුනේ වෙසක් උත්සවය වෙනුවෙන් අන්තර් දෙපාර්තමේන්තු නිර්මාණශීලී කූඩු ඉදිරිපත් කිරීමේ තරගයක් ලෙසින්.
මෙහිදීම ආයතනයේ එක් එක් දෙපාර්තමේන්තුවල සේවක සේවිකාවන් එක්වී නිර්මාණය කරන ලද කූඩු අංශ හතරක් යටතේ තරඟ වැදුණා. ක්‍රියේටිව් වෙසක් ලැන්ටන්, එකෝ ෆ්‍රෙන්ඩ්ලි වෙසක් ලැන්ටන්, ආටිස්ටික් වෙසක් ලැන්ටන් සහ කලර් ෆුල් වෙසක් ලැන්ටන් එම කාණ්ඩ හතරයි. මෙහිදී ජයග්‍රහණය කළ එක, දෙක, තුන යන ස්ථාන සඳහා වටිනා මුදල් ත්‍යාග ගලදාරි හෝටලයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවත් සාමාන්‍ය අධිකාරීතුමන් සහ මූල්‍යය අධ්යක්ෂකතුමන් විසින් එම ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමුවා