මව් කුසේදී දරුවා ජීවත් වන්නේ වතුර පිරුණ අවකාශයකයි. මේ තරලය ‘ඇම්නියොටික්’ තරලය යනුවෙන් හැඳින්වෙනවා. මෙම තරලයේ කිසිම ගඳක් හෝ සුවඳක් නැහැ. ඒ වගේම වර්ණයකුත් නැහැ. මෙම තරලය මද රස්නයකින් යුක්තයි. මෙම තරලය නිසා කම්පනය ඝර්ෂණය අවශෝෂණය කරගැනීම සිදුවනවා. දරුවාගේ වර්ධනයට සහ චලනයට ඉඩ ලැබෙනවා. එය දරුවාගේ අත් පා වර්ධනයට සහ ශ්වසන චලන සඳහා අවස්ථාවක් ලැබෙන නිසා පෙනහලු ශක්තිමත් වනවා.
ආහාර ජීරණ පද්ධතිය කලලාවාරිත තරලයෙන් පිරී තිබෙනවා. ඒ වගේම කලලය විසින් මෙම තරලය මුත්‍රා මගින් පිට කිරීම සිදුවනවා. මේ අනුව කලලය වටා ඇති තරලයේ පාලනය වීම සිදුවනවා.ගර්භණී මවකගේ කලලය වටා තිබෙන තරලය අඩුවීම අපි Oligohydramnous (ඔලිගොහොයිඩ්රෑම්නිස්) යනුවෙන් හඳුන්වනවා. මෙය ගර්භණී මවගේ වර්ධනයට අදාළ සති ගණන අනුව ගණනය කරනවා.
තරලය අඩුවීම දැනගන්නේ කොහොමද?
සති 28 කට පසුව පූර්ව සායනයේදී ගර්භණී මවගේ බුදීනය ( Fundal) එහෙම නැත්නම් උදරයේ උස මැනීමක් සිදුකරනවා.( Symphoisio Fundal Height ) ඒ අවස්ථාවේදී අදාළ සති ගණනට සාපේක්ෂව උදරයේ උස අඩු නම් ඒ කාන්තාව අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට යොමු කරනවා. AFI ( Amniotic fluid index ) මගින් මවගේ කුසේ වම, දකුණු, ඉහළ සහ පහළ අගයන් ලබා ගන්නවා. ඒ අවස්ථාවේදී මෙම ගර්භණී මවගේ තරලය අඩු/වැඩි බව තහවුරු වනවා.
එවැනි මව්වරුන් (Oligohydramnious) ගේ කලලයේ වර්ධනයේ අඩුවක් හෝ ජානමය වශයෙන් කුඩා දරුවෙක් සිටින බව තේරුම් ගන්නවා. ඒ වගේම මෙම ස්කෑන් පරීක්ෂණය මගින් කලලයේ හෝ වකුගඩුවල රෝගී තත්ත්වයක් තිබෙන බව හඳුනාගත හැකියි.අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයට අමතරව Umbilical artery Doppler පරීක්ෂණයක් සිදු කරනවා. මෙය විශේෂඥ වෛද්‍යවරයකු විසින් සිදු කරනවා.
කලලාවාරික තරලය අඩුවීම
කලලාවාරික තරලය අඩුවීමට බලපාන හේතු කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.
මවගේ පාර්ශ්වයෙන් ඇතිවන හේතු
ගර්භණී මව අධි රුධිර පීඩනයෙන් පසුවනවා නම් වැදෑමහ වර්ධනයේදී සහ ක්රියාකාරීත්වයේ යම් යම් අසාමාන්‍යතාවන් ඇතිවීම –
Placental Insufficiency.ප්‍රසූතියට පෙරාතුව කලලාවාරිත පටලය ඉරී යෑම-
Preterm premature rupture of membranes PPROM
මේ නිසා කලලයට අවශ්‍ය ඔක්සිජන් සහ අනිකුත් පෝෂණය නොලැබීමෙන් කලලය අපේක්ෂිත වයසේදී ප්‍රමාණයට වඩා කුඩාවීම
( Intrauterine growth restriction – IUGR ) වගේම කලලාචාරිත තරලය අඩුවීමක් දක්නට ලැබෙනවා.ඊට අමතරව ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියා තත්වය Gestational diabetes mellitus (GDM ) මවගේ රුධිරගත රෝගද මව භාවිත කරන සමහර ඖෂධ වර්ග ( NSAIDS ) ACE Inhibitors නිසාත් මේ තත්ත්වය ඇතිවන්න පුළුවන්.
කලලයේ ඇති වන හේතු
කලලයේ හේතු විදිහට ගතහොත් Premature rupture of membranes ඒ කියන්නේ නියමිත දිනට කලින් කලලාවාරිත තරලය බිඳ වැටීමට හේතුවක්.ඊට අමතරව කලලයේ ඇතිවන ජානගත රෝගයන් වගේම කලලයේ වකුගඩු ආශ්රිත රෝග නිසා මුත්‍රා නිපදවීම අඩුවීම මගිනුත් කලලාවාරිත තරලය අඩුවීමට පුළුවන්.
පෙකණිවැලේ රුධිරගමනයේ හේතු නිසාත් මුත්‍රා මාර්ගයේ ඇතිවන රෝගී තත්ත්වයන්ද වර්ණදේහ වෙනස්වීම මගින් ඇතිවන තත්ත්වයන්ද වර්ණ දේහ වෙනස්වීම මගින් ඇතිවන විකෘති තත්ත්වයන් නිසාද මේ කලලාවාරිත තරලය අඩුවන්න පුළුවන්. ගර්භාෂය තුළදී කලලයේ මියයෑම ( Intra uterine death ) නිසාත් මේ තත්ත්වය ඇති වන්න පුළුවන්.
වැදෑමහ ආශ්රිත හේතු විදිහට ස්වභාවිකව වැදෑමහ කොටසක් ගැලවී යෑම ( Placental aburuption ) හෝ TTTS Twin to twin transfusion ) එනම් නිවුන් දරුවන් දෙදෙනෙක් සිටින විට එක දරුවකුගේ කලලාවාරිත තරලය අනිත් දරුවාගේ තරලය හා එකවීම පෙන්වා දෙන්න පුළුවන්.කොහොම වුණත් Oligohydramnous තත්ත්වය සඳහා 50% ක් පමණ හේතුව තාමත් පැහැදිලි කළ නොහැකි මට්ටමක පවතිනවා.
අඩුවීම දරුවාට බලපානවාද?
ඔව්. කලලාවාරිත තරලය අඩුවීම නිසා කලලයේ පෙනහලු වර්ධනය දුර්වල වීමට පුළුවන්. ඒ නිසාම ප්‍රසූතිය සිදුවුණ වහාම දරුවාට ශ්වසන අපහසුතාවන් ඇතිවනවා.
ආසාදන
ඒ වගේම සති 16-24 අතර කාලයේදී අත් පාද පාදවල අක්රමිකතාවන්, හිස් කබල සහ මුහුණ ආශ්රිත රෝගී තත්ත්වයන් වගේම සම වියළී ඉරි තැලීම් ඇතිවීමටත් ඉඩ තිබෙනවා. ඒ වගේම මෙම තරලය අඩුවීම නිසා කලලයට අවශ්‍ය පෝෂණ සහ ඔක්සිජන් නොලැබීමෙන් මොළයේ කොටස් අඩපණ වීමත් නොමේරූ දරු උපත් සිදුවීමටත් පුළුවන්.
Oligohydramnious ප්‍රතිකාර ලබාගැනීම
මෙහිදී මවට යම් රෝගී තත්ත්වයක් තිබෙනවාදැයි ලබාගන්නා තහවුරුව මත ප්‍රතිකාර ලබාදීම සිදුවනවා. ඊට අමතරව සතිපතා කලලාවාරිත තරලය මැනීම සිදුකරනවා. මේ පරීක්ෂණ මගින් දරුවාගේ වර්ධනයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම සලකා බලා එම සැපයුම අවම වන අවස්ථාව වන විට කලලය මෝරා ඇත්නම් අපි සුදුසු ආකාරයට ප්‍රසූතිය සිදු කරනවා. නිසා ගර්භණිත්වයේදී කළළාවාරිත තරළය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වන නිසා නාරි සහ ප්‍රසව වෛද්‍ය සායනික උපදෙස් අනුව කටයුතුකිරීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️