අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 2
- මෙල්ටඩ් බටර් කෝප්ප 1/4
- චොප්කරගත් හේසල්නට් කෝප්ප 1/2
- ටින්කිරි කෝප්ප 1/4
- කොකෝවා පව්ඩර් මේසහැඳි 1
- මී පැණි මේසහැඳි 1
ගානිශ් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
- වයිට් චොක්ලට් ග්‍රෑම් 100
- කිරි ස්වල්පයක්
සාදාගන්නා අකාරය
කුඩුකරගත් කේක්වලට ගානිශ් එකට අවශ්‍ය ද්‍රව්‍ය හැර අනික් සියල්ලම දමා හොඳින් කලවම් කරගන්න. සදාගත් මිශ්‍රණය ලන්ච් ශීට් එකකට දමා දෙපැත්තෙන් රෝල් කර පැය 3 ක් පමණ ශීතකරණ තබන්න.
ඩාක් චොක්ලට් හා වයිට් චොක්ලට් වෙන වෙනම මෙල්ට් කරගන්න. ශීතකරණයේ තැබූ චොක්ලට් රෝල් එක පෙති කපා ඩාක් චොක්ලට්වල දවටා භාගයක් වයිට් චොක්ලට්වලත් දවටන්න. පසුව පැය 2 ක් පමණ ශීතකරණයේ තබන්න.