අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 1
- බටර් මේසහැඳි 2
- සීනි මේසහැඳි 2
- බිත්තර 2
- පාන්පිටි කෝප්ප 1/2
- චොප්කරගත් චොක්ලට් කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
බටර් හා සීනි හොඳට බීට් කරගන්න.මේකට බිත්තර ටික දාගන්න. නැවත හොඳට බීට් කරගන්න. ඊළඟට මේකට පාන්පිටි හා චොක්ලට් ටික දාලා කලවම් කරගන්න.
දැන් කුඩුකරගත් කේක් ටික එකතු කරන්න. හොඳට කලවම් කරලා අතින් පොඩි බෝල හදලා පැතලි කරගන්න. දැන් මේ ටික බේකින් ශීට් එකක තියලා සෙල්සියස් අංශක 180 ට විනාඩි 10-12ක් බේක් කරගන්න.