ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි පසුගිය මැයි 19 වන දින අභාවප්‍රාප්ත විය. ජනාධිපතිවරයා සහ විදේශ ඇමති රැගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්වීම නිසා ජනාධිපතිවරයාගේ මරණය සිදුවිය. ඒ මරණයත් සමග දැන් ඉරානය වෙනුවෙන් නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ අවශ්යතාවඇති වී ඇත.
නාම යෝජනා…
අනාගත ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වූ ජනාධිපතිවරණය ජූනි මස 28 වැනි දින පැවැත්වෙනවා.ඒ වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම මැයි 30 වැනි දින සිට ජූනි 3 වැනි දින දක්වා පැවැත් වූ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගේ ලැයිස්තුව ජූනි 11 වැනි දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
කාන්තා නියෝජනය…
ඉරානය වැනි රටවල් තුළ කාන්තාවන් දේශපාලනය වෙනුවෙන් දායකත්වය ලබාදීම ඉතාම අවම මට්ටමක පවතින නමුත් ඒ අතර දේශපාලනය වෙනුවෙන් කාන්තා නියෝජනය නැත්තේමත් නොවේ. ‘’Zohreh Elahian’ මෙවර ඉරාන ජනාධිපතිවරණයේ අපේක්ෂිකාවක් ලෙසින් ලියාපදිංචි වීමට ඉල්ලුම් කර තිබෙනවා.මෙහිදී ඇයට අපේක්ෂිකාවක් ලෙසින් මුහුණ දීමට වන අභියෝග සුළුපටු වන්නේ නෑ.
හිටපු ජනාධිපති මහමුද් අහමදිනේජාඩ්, හිටපු පාර්ලිමේන්තු ප්‍රධානීන් වන ‘අලි ලරිජානි’ ඉරාන ජාතික ලේකම් කවුන්සලයේ හිටපු ප්‍රධානී ‘සයිඩ් ජේලි’ ද ඒ අතරට ඇතුළත්. නමුත් කාන්තාවක ලෙසින් ‘එල්හානි’ ඒ අභියෝග ඉදිරියේ පසුබට වන බවක් පෙනෙන්නට නැත. නිරෝගී රජයක්,
නිරෝගී ආර්ථිකයක්, නිරෝගී සමාජයක් තුළින් ශක්තිමත් ඉරානයක් නිර්මාණය කිරීමට ඇයට අවශ්‍ය වන බව ඇය පවසනවා. මගේ එකම ඉලක්කය එයයි. එල්හානි සිය ප්‍රතිපත්ති ගැන එසේ සඳහන් කරනවා. සමාජ ක්‍රියාකාරිනියක වන ඇය ඉරාන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවොත් එය එරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව ඇතැමුන් පවසනවා.
(https://daryo.uz/en )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️