අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත්
- සිහින්ව කොටු කපාගත් කුකුල් මස් ග්‍රෑම් 150
- පොතු ඉවත්කර කපාගත් ඉස්සන් ග්‍රෑම් 100
- රවුම් කපාගත් දැල්ලන් ග්‍රෑම් 100
- කොටු කපාගත් ග්‍රෑම් කැරට් 100
- සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 100
- සිහින්ව කපාගත් ලූනු කොළ ග්‍රෑම් 100
- කපාගත් ලොකු ලූනු ගෙඩි 1
- කපාගත් රතු මිරිස් කරල් දෙකක්
- ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 02
- සෝයා සෝස්, ෆිෂ් සෝස් රස අනුව
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- තෙල් මේස හැඳි 01
- ගසාගත් බිත්තර 02
- චිලිපේස්ට් මේස හැඳි 01
සාදාගන්නා ආකාරය
තෙල් රත් වූ පෑන් එකකට කුකුල් මස්, ඉස්සන් සහ දැල්ලන් දමා හොඳින් බැදෙන්නට හරින්න. පසුව කැරට්, ලූනු සහ මිරිස් දමා කලවම් කර ගසාගත් බිත්තර එකතු කර බිත්තර ස්ක්‍රැම්බල් කරන්න.
එයට කපාගත් ගෝවා, චිලිපේස්ට් සහ බත් එකතු කර විනාඩි පහක් පමණ හොඳින් ෆ්‍රයි කරන්න. ඉන්පසුව සෝයා සෝස්, ෆිෂ් සෝස්, ලුණු සහ ගම්මිරිස් කුඩු ඉස අවසානයට ලූනු කොළ උඩින් දමාගන්න.