අවශ්‍ය ද්‍රව්‍ය
- මාරි බිස්කට් පැකට් 3
- කොකෝවා පවුඩර් මේස හැඳි 2
- කිරි මිලිලීටර් 180
- සාමාන්‍ය Milk chocolate එකක්
- සිහින්ව කපාගත් කජු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මාරි බිස්කට් කෑලිවලට කඩලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් බිස්කට් කුඩු ටික බෝල් එකකට දමා එයටම කොකෝවා පවුඩර් සහ කිරි ස්වල්ප බැඟින් එකතු කරමින් අතේ නොඇලෙන පදමට ඩෝ එකක් සාදාගන්න.
ට්‍රේ එකකට පාච්මන් කොළයක් අතුරා ඒ මත ඩෝ එක තබා අතින් තද තුනීකර ගන්න.එය ඉටි කොළයකින් වසා අධි ශීතකරණයේ විනාඩි 5 ක් පමණ තබන්න. ඒ අතරෙ චොක්ලට් ටික කෑලිවලට කඩා ඩබල් බොයිල් කර ශීතකරණයේ තැබූ ඩෝ එක ඉවතට ගෙන උඩින් දිය කරගත් චොකලට් මිශ්‍රණය වත්කරන්න. මෙය සෙට් වීම සදහා නැවතත් විනාඩි 5 ක් පමණ ශීතකරණයේ තබන්න. අවසානයට උඩින් කජු ටික ඉස තීරු කපාගන්න.