ඉන්දියාවේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛයා සේ සැලකෙන මුකේෂ් අම්බානි සහ නීතා අම්බානිගේ බාලපුත් ආනන්ත් අම්බානිගේ සහ ඔහුගේ සුරූපී මනාලිය රාධිකා මර්චන්ට්ගේ Second pre- wedding party හෙවත් Cruise සාදය මැයි 29 වැනිදා සිට ජුනි 1 වැනිදා දක්වා දින 4 ක සාදයක් ලෙසින් පැවත්වුණා. මෙම සාදය ඉතාලියෙන් ආරම්භ වී ප්‍රංශයෙන් අවසන් වුණා. එහිදී රාධිකා මර්චන්ට්ගේ විලාසිතාවන් කැපී පෙනී තිබුණාා. ඒවා විලාසිතා ලෝලීන් මවිතයට පත් කරන්නටත් සමත් වී තිබුණා.
විශේෂයෙන්ම මෙහිදී රාධිකා ඇද සිටි ගවුම නිසා ඇය සුරඟනක් සේ බැබළෙන්නට වූ බව නගරය පුරා කතාබහට ලක්වුණා. මනරම් ලෙස කඩා හැලෙන නිල් පැහැති ගවුම රාධිකාගේ පෞරුෂය මනාව ඔප් නංවන්නට හේතු වී තිබුණා.
නවීන විලාසිතාවන් හා සම්භාව්‍ය විලාසිතාවන් අතර මනා සමතුලිතතාවයක් ඇති කරමින්, සියල්ලන්ම මවිතයට පත්වන අයුරින් රාධිකාගේ ඇඳුම නිර්මාණය කිරීම පිළිබඳ ඇයගේ විලාසිතා නිර්මාණකරුවන් විශාල අවධානයක් යොමු කර ඇති බව මෙහිදී පැහැදිලිවම පෙනී ගියා.
ඇගේ පෙනුමෙහි නවීනත්වයත්, ආකර්ෂණීය බවත් කදිම ලෙස පෙන්වීමට රාධිකා විශාල නිල් දියමන්ති පෙන්ඩනයකින් ඇගේ ගෙල සරසාගෙන තිබුණා. මෙය මෙම උත්කර්ෂවත් අවස්ථාවට පැමිණ සිටි සියල්ලන්ගේම අවධානය සහ ආකර්ෂණය ඇය වෙත යොමු වන්නට ඇගේ දියමන්ති මාලය එක් හේතුවක් වුණා.
එමෙන්ම රාධිකාට හිස් වැසමක් තෝරාගෙන තිබීමත් ඇගේ රාජකීය පෙනුම තවත් ඉස්මතු කරන්නට වුණා. එහිදී ඇය සියුම් දැලක් සහිත අලංකාර වේල් කොටසක් රැඳි පලදනාවක් කොණ්ඩයට පැළඳ සිටියා.
මෙයද බොහෝ දෙනා අතර කතාබහට ලක් වූයේ මෙවැනි හිස් පළඳනා ලෝකප්‍රකට වේල්ස් කුමරිය ලෙස නම් දරන ඩයනා කුමරියගේත් සංකේතාත්මක විලාසිතාව සිහිපත් කරන නිසාමයි. මේ හේතුවෙන් රාධිකාගේ පෙනුම තවදුරටත් ඉස්මතු වුණා.
ඒ අනුව ආනන්ත්-රාධිකා යුවළගේ මෙම උත්සවයත් ලොව පුරා කතාබහට ලක් වුණා. විශේෂයෙන්ම ඩයනා කුමරියගේ විලාසිතාවන් නරඹන්නන්ට මතක් කර දෙමින්, රාධිකාගේ ආකර්ෂණයත්, අලංකාරයත් ඔප්නැංවීමට මෙම උත්සවයේදී යොදාගෙන තිබූ විලාසිතාවන් සැබැවින්ම ආකර්ෂණීය වුණා.
මේ විදියට රාධිකා මර්චන්ට් සහ ආනන්ත් අම්බානිගේ විවාහ මංගල්‍යයට අදාළ උත්සවයන් දිගින් දිගටම දිගහැරෙද්දී රාධිකාගේ ආකර්ෂණීය විලාසිතාවන් ගැන විලාසිතා ලෝලීන් ඉතා උනන්දුවක් ඇති කරමින් මෙම යුවළගේ විවාහ මංගල්‍යයේදීත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උත්සවයන්වලදීත් රාධිකා මර්චන්ට්ව තව තවත් නවීන වූ විලාසිතාවන්වලින් දැක ගැනීමට විලාසිතා ලෝලීන් නොඉවසිලිමත්ව බලා සිටිනු ඇත.
The Times Of India ඇසුරෙන්
ටෂ්මි ගමගේ ✍️