අද වනවිට තරබාරුකම ගැහැණු පිරිමි බේදයක් නොමැතිව හැමදෙනාටම තියෙන ප්‍රශ්නයක්. වැරදි ආහාර පුරුදු නිසා මේ තත්ත්වය තවත් වැඩි වෙලා. විශේෂයෙන් ඉවක් බවක් නැතිව සීනි සහිත ආහාර කන්න පුරුදුවීම නිසා තරබාරු වෙන එකත් එන්න එන්නම වැඩි වෙන්න පටන්අරන්. ඊට නොදෙවෙනි වෙන්න දියවැඩියාව,කොලෙස්ට්‍රෝල්, පිළිකා වැනි බෝනොවන රෝගත් අතුරු ප්‍රතිඵලයක් විදියට ඇවිත්. මේ නිසා ලස්සනට ඉන්න ආස හැමෝම අද ඉදන් සීනි වැඩියෙන් කන එක ගැන දෙපාරක් හිතන්න ඕනමයි.
සාමාන්‍යයෙන් අපේ ශරීරයට සීනි එන්නේ තේවලින්, කිරිවලින් හෝ පැණි රස කෑමවලින් පමණක් නොවෙයි සීනි සහිත පාන වර්ග සෝස් වර්ග වගේ අපි ආස කරන බොහෝ ආහාරවලත් සීනි අන්තර්ගත වෙලා තියෙනව. මේ නිසා සීනි ශරීරයට එන ප්‍රමාණය වැඩියි. සීනි අඩුවෙන් ශරීරයට ගන්න ක්‍රම දැන ගන්න එක වැදගත් වෙන්නෙ අන්න ඒ නිසයි.
සීනි කන එක අඩු කරන ක්‍රම පහක්..
රස නහර පිනා ගියත් පැණි බීම බොන්න එපා…
උණුසුම් කාලවලදී දහඩිය නිසා හරිම කරදරයි. මේ නිසා පොඩ්ඩක් ඇග කූල් කරගන්න සීනි හොඳට දාල හදන පලතුරු බීම, සෝඩා, කෘතිම රස ගන්වපු බීම වර්ග බොන එක වැඩිය හිතන්නෙ නැතිව හැමෝම වගේ කරන දෙයක්. ඒත් ඔයා දැනගෙන හිටියද මේ පානවර්ගවල තියෙන අධික සීනි නිසා ඔයාගෙ බඩේ මේද තැන්පත් වෙලා තරබාරු වෙන්න හේතුවක් වෙන බව.
රස්නෙ කාලෙට කූල් එකේ ඉන්න ගමන් තරබාරුකම අඩු කරගෙන ලස්සනට ඉන්න කැමති නම් කෘතිම බීම වර්ග වෙනුවට පෙති කපන ලද පලතුරු, දේශීය ඖෂධ පැළෑටි,එළවළු වතුරට එකතු කරල හදන පාන වර්ග බොන්න. මේ පානවර්ග මගින් ප්‍රබෝධමත් රසයක් ලැබෙනව වගේම සීනි නොමැතිව සජනලය වෙන්නත් උදව් වෙනවා.
ගොඩක් පලතුරු කන්න
පලතුරු යුෂ සෞඛ්‍ය සම්පන්න තේරීමක් විදියට බොහෝ පිරිසක් පිළිගන්නව.ඒත් ඔයා දන්නවද පලතුරු යුෂවල තියෙන තන්තු ප්‍රමාණය සම්පූර්ණ පලතුරකට වඩා අඩුයි කියල. ඒ වගේම යුෂ තත්ත්වයේ තියෙන පලතුරුවලට සීනි එක්කර සාදන නිසා සීනි ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා බෙලි,කොමඩු හා සිට්රස් කුලයේ දොඩම්, ලෙමන් වැනි පලතුරුවල යුෂ වෙනුවට සම්පූර්ණ පලතුරු කෑමට ගන්න පුරුදු වෙන්න.සම්පූර්ණ පලතුරුවල තිබෙන ස්වාභාවික සීනි අවශෝෂණය මන්දගාමී කරමින් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තියාගන්න උදව් කරනවා.
කටට රස වුණත් ක්ෂණික ආහාර කන්න එපා…
වැඩ වැඩි නිසාම ආහාරවල පෝෂණ ගුණය ගැන හොයන්නෙ නැතිව ඉක්මනට කාල බඩ පුරවගන්න එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. මේ නිසාම කුකීස්, කැන්ඩි, ග්‍රැනෝලා බාර්ස් වගේ ඇසුරුම් කරන ලද ආහාරවලට තියෙන්නෙ ලොකු ඉල්ලුමක්. ඒත් පහසුව නිසා කෑවත් මේ ආහාරවල තියෙන සීනි ප්‍රමාණය වැඩියි. මේ කෙටි ආහාර නිසා අපේ ශරීරයට වැඩියෙන් මේදය එකතු වෙනව.
ගොඩක් අයට ගැටලුවක් වෙලා තියන බඩ වැඩි ප්‍රශ්නෙටත් ලොකු හේතුවක් මේක. බඩත් අඩුකරගෙන ඇග ස්ලිම් එකේ තියාගන්න කැමතියි නම් කෙටි ආහාර වෙනුවට අමු ඇට වර්ග, එළවලු, පලා වර්ග,හතු වර්ග, නැවුම් බෙරි සහිත ග්‍රීක යෝගට් වගේ රස වගේම ගුණ තියෙන ආහාර කන්න පුරුදු වෙන්න.
ප්‍රෝටීන් තන්තු වැඩි කෑම කන්න…
බඩ වැඩි කරල ඇග මහත් කරන සීනි වැඩි ආහාර කන්න හිතෙන ආසාව අඩු කරගන්න ඕන නම් පෝෂණ ගුණය වැඩි ප්‍රෝටීන් හා තන්තු බහුල ආහාරවලට අවධානය යොමු කරන්න. මස් මාළු බිත්තර, රනිල කුලයට අයත් බෝග, කොළ පැහැති කොළ වර්ග සම්පූර්ණ ධාන්‍ය වැනි ආහාර ගැනීමෙන් සීනි සහිත ආහාරවලින් ඈත් වෙලා ලස්සනට ෆිට් එකේ ඉන්න පුළුවන් වෙනව.
හොඳට දුවල පැනල සතුටින් ඉන්න
අද වෙනකොට ෆෝන් එකට ඇබ්බැහි වෙලා ෆෝන් එක ඇතුළෙ මවාගත්ත ලෝකයක සැරිසරන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා කාල බීල ඇඳට වෙලා ඉන්න එක සාමාන්‍ය දෙයක් වෙලා. තරබාරුකමත් මේ එක්කම තවත් ඉහළ ගිහින්. මේ නිසා නිතිපතා ශාරිරික ක්‍රියාකාරකම්වල යෙදීම වැදගත්. වේගයෙන් ඇවිදීම, පැනීම බයිසිකල් පැදීම, පිහිනීම, කඳු නැගීම වගේ ශාරිරික ක්‍රියාරකම් නිතිපතා පුරුද්දක් ලෙස කරන්න.
රස්නෙ තියන උණුසුම් කාලෙක දහඩිය එනකම් ඇඟ වෙහෙසලා වැඩ කරාම අනවශ්‍ය කැලරි දහනය කරල ජිම් නොගිහින්ම ලස්සන ඇඟක් මේන්ටේන් කරගන්න පුළුවන්. මේ ක්‍රම හරියට පිළිපැද්දොත් ඔයාට ශරීරයේ සීනි මට්ටම අඩුකරගෙන තරබාරුකමෙන් අයින් වෙලා ෆිට් එකේ ඉන්න පුළුවන්.
හරි විදියට බඩ අඩු කරන් ලස්සනට ඉන්න නම් පෝෂ්‍යදායි ආහාර වේලක්, නිතිපතා ශාරිරික ක්‍රියාකාරම් හා ප්‍රමාණවත් සජලනයක් වැනි සියලුම දේ සමබරව පවත්වා ගැනීම වැදගත්.
ඒත් ඔයා හිතන පරක්කුවෙන් තරබාරුව අඩු වෙන්නෙ නම් නැහැ. ඉවසීම එක්ක කැපවීමෙන් කාලයක් දිගටම මේ ක්‍රම පිළිපැදිම තුළින් අනිවාරෙන් ඔයාට ලස්සනට ඉන්න පුළුවන්.
India.com ඇසුරෙන්
පවනි දිලේකා ✍️