අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1
- කපාගත් ලූනු ගෙඩි 1
- කපාගත් තක්කාලි ගෙඩි 1
- අමු මිරිස් කරල් 1
- මී කිරි මේස හැඳි 2
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- දෙහි යුෂ ස්වල්පයක්
- ඔලිව් තෙල් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
පිපිඤ්ඤා, ලූනු, තක්කාලි සහ අමු මිරිස් එකට කලවම් කරගන්න. තවත් භාජනයකට මී කිරි, ගම්මිරිස්, ලුණු, දෙහි සහ ඔලිව් තෙල් එක්කර පසෙකින් තබන්න. අවසානයට මිශ්‍රණ දෙකම එකට හැන්දකින් කලවම් කරගන්න.