හින්දි සිනමාවට නැතුව බැරි ඉන්දියානු පසුබිම් ගායකාවක් වෙන අල්කා යාග්නික් කියන්නේ ඉන්දියාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පිළිගැනීමට ලක්වුණු ජනප්‍රිය ගායිකාවක්. ඒ වගේම තමයි මෑතකදී ලෝකය පුරාම ජනප්‍රියත්වයට පත්වුණ අසෝකා ට්‍රෙන්ඩ් (Asoka Trend) එකේ ගීතය වන “සන් සනන නන, සන් සනන නන්…” ගීතයෙන් අප හදවත් හොරා ගත් බොලිවුඩ් සංගීතයේ අපූර්ව හඬ මාධූර්යයකට හිමිකම් කියන ඇය, ‘ඒක් දූ තීන් (Ek Do Teen), “ ටිප ටිප බරසා පානි (Tip Tip Barasa Pani), “බෝලෙ චූඩියා (Bole Chudiya), “කභි අල්විධ නා කෙහෙනා (Kabhi Alvida Naa Kehna) වැනි ගීත රාශියක් හරහා රසික හදවත් ආකර්ෂණය කරගනු ලැබුවා.
ඒ විතරක් නෙවෙයි ඇය ජාතික චිත්‍රපට සම්මාන දෙකක්, බෙංගාල චිත්‍රපට මාධ්‍යවේදීන්ගේ සංගම් සම්මාන දෙකක් වගේම හොඳම කාන්තා පසුබිම් ගායිකාවක් ලෙස වාර්තාගත ෆිල්ම් ෆෙයාර් සම්මාන හතක් වගේම සුප්‍රකට සම්මාන රැසක්ම දිනාගෙන තියෙනවා.
දශක හතරක් පුරා බොලිවුඩයට සිය දිගු වෘත්තීය ජීවිතය තුළ සේවාවන් රැසක් ලබාදුන් අල්කා යාග්නික් මෑතකදී ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව හරහා රසිකයන් වගේම ඇගේ ආදරණීයන්ගේ හද කම්පා කරවන පුවතක් පළකර තිබුණා.
ඇය මෙන්න මේ විදිහට තමයි ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව තුළ සියල්ලන්ගේම හද කම්පා කරවන පුවත ඉදිරිපත් කරලා තිබුණෙ “ සති කිහිපයකට කලින් ගුවන් ගමනක් ගිහින් එනකොට මට මොකුත්ම ඇහෙන්නේ නැහැ කියලා හදිසියේම දැනුනා”පසුගිය සති කිහිපය තුළම මම නිහඬවම සිටියේ ඇයිදැයි අසන මාගේ රසිකයන් වගේම මගේ මිතුරන්ටත් ඇගේ තත්ත්වය ගැන පැහැදිලි කරමින්, ඇගේ නිහඬ බව බිඳිමින් මේ ගැන කියන්න හිතුවා කියලා තමයි ඇය වැඩිදුරටත් පැහැදිලි කරලා තිබුණේ.
වෛරස ආසාදනයක් හේතුවෙන් දුර්ලභ ස්නායු ශ්රවණාබාධයකට ඇය ලක්ව ඇති බව ඇගේ වෛද්‍යවරුන් හඳුනාගෙන ඇති බව ඇය මෙහිදී සඳහන් කරලා තිබුණා. ඇය නොදැනුවත්වම මෙම විශාල බලපෑමට සම්පූර්ණයෙන්ම ලක්ව ඇති බවයි වෛද්‍යවරුන් ඇයට වැඩිදුරටත් පවසා තිබුණේ. ඇය ඉක්මනින් මෙම තත්ත්වයෙන් සුව වීමට උත්සාහ කරන බවත්, ඇය සුව වී නැවත පැමිණෙන තෙක් ඇයව අමතක නොකරන ලෙසත් ඇය ඇගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටියා.
ඒ වගේම තමයි ඇයට මෙම ශ්‍රවණාබාධය ඇතිවීමට හේතුද පැහැදිලි කරමින්, ඉතා ඝෝෂාකාරී සංගීතයට සවන්දීම වගේම හෙඩ්ෆෝන්වලට නිරාවරණය වීම සම්බන්ධයෙන් ඇගේ රසිකයන් වගේම තරුණ තරුණියන්ටත් අවවාදයක් එකතු කරන්නත් ඇය අමතක කරලා තිබුණේ නැහැ.
ඒ විතරක් නෙමෙයි ඇගේ රසිකයන්ගේ සියලු ආදරය සහ සහයෝගය ඇතිව ඇගේ ජීවිතය වගේම වෘත්තීය ගමනත් යථා තත්ත්වයට පත්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇය පවසා තිබුණා. ඒ සඳහා ඇයට කාලය ලබාදෙන මෙන් ඇගේ රසිකයන්ගෙන් ඇය ඉතා ආදරයෙන් ඉල්ලා සිටියා. ඇගේ සංගීත ක්ෂේත්රයේ සිටින යහළු මිත්‍රාදීන් පවා ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න අමතක කරලා තිබුණේ නැහැ.
ඇයට ඉක්මන් සුවය ලබාදෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉක්මනින් සුවවී නැවතත් හමු වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සෝනු නිගම් ඇයට පවසා සිටියා. ජනප්‍රිය ඉන්දීය ගායිකා ඉලා අරුන් පවසා සිටියේ මෙම පුවත ඇය කම්පනයට පත් කළ බවයි.
කෙසේ වෙතත් හොඳ වෛද්‍ය ප්‍රතිකාරත් සමඟ ඇය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වේ වී යැයි බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් පවසා සිටියා. ලඟදීම අල්කාගේ මිහිරි කටහඬ ඇසීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා සිටියා.
ඒ වගේම අක්රිති කාකර් පවසා සිටියේ අල්කාගේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම ඔවුන් ඇයට ඉතා ආදරය කරන බවත් ඇයගේ ඉක්මන් සුවය වෙනුවෙන් යාඥා කරන බවත්ය.
ඉතින් අල්කාගේ යහලු මිත්‍රාදීන්, ඉන්දීය රසිකයන් වගේම ලෝකය පුරා විසිරී සිටින ඇගේ රසිකයන්ගේ හදවත් කම්පාවට පත් කළ මෙම පුවත ඔබ වෙත ගෙන එන නවලිය අපේ ප්‍රාර්ථනාවත් ජනප්‍රිය ගායිකාවක් වන අල්කා යාග්නික් නැවතත් ඉක්මණින් යථා තත්ත්වයට පත්ව ඇගේ මිහිරි කටහඬ අපගේ දෙසවනට ඉක්මණින් ඇසෙන දවස වැඩි ඈතක නොවන ලෙසයි.
m.rediff.com ඇසුරෙන්
ටෂ්මි ගමගේ ✍️