බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- කිරි කෝප්ප 1/2
- වැනිලා මේස හැඳි 1
- කුරුඳු කුඩු මේස හැඳි 1/2
දූරියන් තැවරුමට අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කර පොඩිකරගත් දූරියන් ග්‍රෑම් 400
- කිරි මිලිලීටර් 80
- පාන් පිටි ග්‍රෑම් 120
- වතුර කෝප්ප 1/2
- බටර්
තැවරුම සාදාගන්නා ආකාරය
පෑන් එකකට දූරියන්, කිරි සහ පිටි දමා හොඳින් මිශ්‍ර කරන්න. එයට වතුර එක්කර හොඳින් විනාඩි දහයක් මද රස්නේ පිස ගන්න.
ටෝස්ට් එක සාදාගන්නා ආකාරය
බෝල් එකකට බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම එක්කර මිශ්‍රකර බැටර් එක සාදාගන්න. පාන් පෙති බැටර් එකේ තවරාගන්න.
බටර් තැවරූ පෑන් එකකට පාන් පෙති දමා දෙපැත්ත ටෝස්ට් කරගන්න. ටෝස්ට් කරගත් පාන් පෙති දෙකක් මැදට දූරියම් තැවරුම තවරාගන්න.