V8 වල, BMW වල පාසල් ගුරුවරුන් පාසලට එන බවක් අපි මෙතෙක් අසා නොමැත. ඔවුන්ගෙන් බහුතරයක් පාසලට එන්නේ කිටිකිටියේ තද වී පාසල් බස් රථයෙන්, පාරේ බස් රථයෙන්, දුම්රියෙන් හෝ ඇතැම්විට මෝටර් බයිසිකලයෙන්ය. යම් අයකු සාමාන්‍ය මෝටර් රථයකින් පාසලට පැම්ණෙනවා නම් ඔහු හෝ ඇය එය ලබාගෙන ඇත්තේ මාසිකව ලැබෙන පඩියට පින්සිදු වන්නට නොවන බව දැන් දැන් ඇසෙන කතාවලින් හොඳින්ම අපට පැහැදිලිය.
ඇතැම්විට ඔවුන් රෝද හතරේ වාහනයක සිහිනය සැබෑ කරගෙන ඇත්තේ අමතරව කරනා ටියුෂන් හෝ අමතර බිස්නස් එකකට පින්සිදු වන්නට විය හැකිය.
සාමාන්‍ය ගුරුවරයකු මාසිකව ලබන පඩිය පිළිබඳව කියන්නටත් ලැජ්ජය. විද්‍යාපීඨ ගුරුවරයකු මසකට රුපියල් 38,885 ක මූලික වැටුපක් ලබන අතර උපාධිධාරී ගුරුවරයකු මාසිකව රුපියල් 39,035 ක මූලික වැටුපක් ලබනු ඇත.
ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඊළඟට වැටුප් වර්ධක ලැබෙනු ඇත. මේ අනුව, අත්දැකීම් ඇති ගුරුවරයකුගේ පඩිය රුපියල් හැටපන්දාහ ඉක්මවා නොයනු ඇත.
මෙම පඩියට අනුව ඔවුන් දවසක ලබන ආදායම රුපියල් දෙදහස් පන්සීයයකටත් අවමය. මේ අතින් බලන කල දවසේ වැඩ කරන කම්කරුවකුට දවස් කුලිය වශයෙන් අපට රුපියල් තුන්දාහකට වඩා නොගෙවා ඔවුන්ගේ ශ්‍රමය ගත නොහැකිය.
මේ අනුව බලන කල විද්‍යාපීඨ ගුරුවරුන්, උපාධිධාරී ගුරුවරුන්ට වඩා ඉහළින් සිටින්නේ රුපියල් කිහිපයකින් වුවත් මේ ගුරුවරුන් දෙගොල්ලන්ටම වඩා ඉහළින් සිටින්නේ දවසේ කුලී පදනම මත රස්සාවල් කරනා කම්කරුවන්ය.
එහෙව් කලෙක ගුරු උද්ඝෝෂණය වසර විසිහතකින් නොවිසදුණු රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස කරන ඉල්ලීම අසාධාරණ යැයි මොළයක් ඇති කිසිවෙකුට කිව හැකිද?
ගුරුවරුන් කිසියම් හෝ දේශපාලන පක්ෂයක අතකොළුවක් වීද, දරුවන් බිල්ලට දී වර්ජනය කරන්නේ ද, දරුවන්ගේ පරමාදර්ශී චරිත ආදර්ශයෙන් බැහැර වීද යන්න රජයට හෝ අපට තර්ක කළ හැකිද?
ජාතියටම හරිපාර කියාදෙන ගුරුවරුන් මෙලෙස ඉල්ලන්නේ ඔවුන් වසර ගානක් ඉගෙනගත් අධ්‍යාපනය වෙනුවෙන් සහ උගතමනා ශිල්පය බෙදාදීමට ඔවුන් කරනා කැප කිරීම වෙනුවෙන් හරි ගෙවීමක් මිස අන්කිසිවක් නොවනු ඇත.
එමනිසා ගුරුසේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හෝ ඔවුන්ගේ ගුරු උද්ඝෝෂණවලට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර යොමු කිරීමට මත්තෙන් ඔවුන් ගැන වගකියන බලධාරීනි ඔවුන්ගේ හඬට නිවැරදිව සවන්දෙන්න. දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න ඉඩදෙන්න.