Weill Cornell වෛද්‍ය විද්‍යාලයේ පුරුෂ ලිංගික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂක කියයි
මඳසරුභාවය ගැන කතා කිරීමේදී අපි සෘජුවම දකින්නේ කාන්තාවන්ගේ හෝර්මෝන සම්බන්ධ ගැටලු බව ඇත්ත. කාන්තාවකගේ ජීව විද්‍යාත්මක වයස සමග ඩිම්බ මෝචන හැකියාවේ පවතින ඵලදායීතාවය අඩු වෙනවා. ඒ නිසාම ගැබ් ගැනීමට තිබෙන ශක්තිය නැතිවීම ගැන අපි කතා කරනවා. නමුත් පිරිමින්ගේ වයස සමග එවැනි පසුබිමක් ගැන අපි කතා කරන්නේ නැහැ. නමුත් දැන් ඒ පිළිබඳවත් කතා කිරීමේ ප්රවණතාවයන් ගොඩ නැඟිලා. පිරිමි පාර්ශවයෙන්ද මඳසරුභාවය ඇති වෙන බව Weill Cornell වෛද්‍ය විද්‍යාලයේ පුරුෂ ලිංගික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂක ජේම්ස් ඒ කෂ්මන් සඳහන් කරනවා.
පිරිමි මදසරුබව ගැන කථා කිරීමට කාලය ඇවිත්…
ඒ නිසාම මෙතෙක් කාන්තාව දෙසටම ඉලක්ක කළ දරුවන් පිළිසිඳ ගැනීමේ ගැටලු ගැන කතා කිරීමේදී පිරිමි ශුක්‍රාණු ගිණුම ගැනත් අවධානය දැක්වීමට සිදු වී තිබෙනවා. මීට දශක කීපයකට සාපේක්ෂව බලන විට අද වනවිට පිරිමින්ගේ ශුක්‍රාණු සම්බන්ධව විවිධ ගැටළු ඇති වී තිබෙනවා. එය ගෝලීය වශයෙන්ද දක්නට ලැබෙන අර්බූදයක් බවට පත්ව ඇතැයි මෑතකදී මඟින් ප්‍රකාශිත Toxicological Sciences පර්යේෂණ පත්‍රිකාව මගින්ද පෙන්වා දී තිබෙනවා.
පිරිමින්ගේ මද සරුබවට බලපාන විවිධ හේතු තිබෙනවා. අද වනවිට එය ලෝක ව්‍යාප්ත ගැටළුවක් බවට පත් වී අවසානයි. අන්තරා සර්ග ආබාධ, ජාන විද්‍යාව සහ ඇතැම් ඖෂධ නිසා පිරිමින් සම්බන්ධයෙන් මද සරු බව ඇති වීමට බලපාන හේතු බැව් දැන් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් පරිසරයට මුදා හරිව විෂ සංයෝගයන්ට නිරාවරණය වීම නිසාත් පිරිමින්ගේ ශුක්‍රාණු සම්බන්ධ ගැටළු ඇති වන බැව් දැන් හඳුනා ගෙන තිබෙනවා.
මේක අරුමයක් නොවෙයි…
මහාචාර්ය වුඩ්රෆ් සඳහන් කරන අන්දමට අද දවසේ මිනිසුන්ගේ පරිභෝජන රටාව තුළ පොලිතින්, ප්ලාස්ටික්වලට නිරාවරනය වීම ඉතාම සුලබ සිද්ධියක්. පොළිතින් දැවටුම්, අද වනවිට සමාජයේ PE යොදාගත් ඇසුරුම් ඉතාම සුලබයි.
ඇසුරුම් වගේම ජල සැපයුම් පද්ධති, කෘෂිකාර්මික උපකරණ, වෛද්‍ය උපකරණ, ඉලෙක්ට්‍රෝනික් සහ සාමාන්‍ය ගෘහ භාවිත නිෂ්පාදනයන්හි මයික්‍රෝ ප්ලාස්ටික් බහුලව භාවිත වෙනවා.
මිනිසා විසින් අසීමාන්තිකව මෙම ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කිරීම නිසා අනාගතයේදී අපේ පරම්පරාව පමණක් නොව, නිවැසි සුරතලුන්ට ඔවුන්ගේ වර්ගයා බෝ කිරීමට ස්වභාව ධර්මයෙන් ලබා දී තිබෙන හැකියාවට පවා සීමාවන් පැනවෙන දිනය එතරම් ඈතක නොවන බැව් හි පාරිසරික පර්යේෂණ සහ පරිවර්තන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය ට්‍රේසි වුඩ්වර්ඩ් සඳහන් කරනවා.
ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලට නිරාවරනය වීම නිසා වෘෂණ කෝෂ බර පිළිබඳව ඇතිවන ගැටලුකාරී තත්ත්වය සමඟ එයින් ඇති වන බලපෑම පිරිමි ශුක්‍රාණු සම්බන්ධවත් සෘජු ලෙසින් බලපාන බව මෙම පර්යේෂකයන් විසින් ලබා ගත් නියඳි අනුව පෙනී ගියා.
එපමණක් නොව, යම් පිරිමි පුද්ගලයෙකු හෝ පිරිමි සතෙකු කාලයක් පුරා මේ අන්දමින් මයික්‍රෝ ප්ලාස්ටික් පිළිබඳ ගැටළුවලට මුහුණ දුන්නොත් නැවත ඔවුන්ගේ සඵළතාවය ආපස්සට ගැනීමත් පහසු කාර්යක් නොවන බවටත් අනතුරු දැණුම් දීමක් තිබෙනවා.මේ පිළිබඳව වූ මුල්ම අධ්‍යනය වෙනුවෙන් එක්සත් ජනපදයේ පිරිමි පුද්ගලයන් කීප දෙනෙකු සම්බන්ධ කර ගත්තා. දෙවැනි අදියර 2016 වසරේදී ආරම්භ කරනු ලැබුවා.
අද ප්ලාස්ටික් පිරුණ ලෝකයක්…
තාක්ෂණයත් සමග ඇසුරුම් සහ දැවටුම් වෙනුවෙන් ජීරණය වන ද්‍රව්‍ය වෙනුවට පොලිතින් සහ ප්ලාස්ටික් ආදේශ වීමට පටන් ගත්තා. අපි හැම දෙනෙක්ම ඒවායේ ඇති පහසුව, සැහැල්ලුව, පාවිච්චියෙන් පසු ඉවත දැමීමේ හැකියාව නිසා ඉතා සතුටින් ඒවා වැළඳගත්තා කිව්වොත් නිවරැදියි.
නමුත් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් රුධිරයේ සිට පෙනහළු දක්වා විවිධ පද්ධතිවලට ඇතුළු වීම නිසා ප්‍රජනක පද්ධති කෙරෙහි ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඉතා අවසානවාවන්ත බලපෑමක් ඇති කරන බැව් දැන් පෙනී ගොස් තිබෙනවා.
ප්ලාස්ටික්වලත් ප්‍රභේද කීපයක් තිබෙනවා
1 PET-Polystyrene-
2 HDPE – High density polystyrene
3 PVC
4 LDPE- Law density polystyrene
5 PP-Polypropalene
6 Polystyrene
7 other plastic material
මෙම අධ්‍යනය වෙනුවෙන් පිරිමි පුද්ගලයන් 36 දෙනෙකු සම්බන්ධ කර ගත් අතර ඔවුන්ගේ ශුක්‍රාණු සාම්පලයන්හි වැඩි ප්‍රතිශතයක් polyethylene (PE), ලෙසින් දක්නට ලැබුණා. එපමණක් නොව, මෙම පිරිමි ශුක්‍රානු සාම්පලයන්හි polyvinylchloride (PVC) වැනි තවත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග 12 ක් දක්නට ලැබුණා.
මෙම අධ්‍යනය තව දුරටත් සංවර්ධනය කරමින් කැලිෆෝනියාවේ පාරිසරික පර්යේෂණ සහ පරිවර්තන මධ්‍යස්ථානය (EaRTH) විසින් පිරිමි පුද්ගලයන් 23 දෙනෙකුට අමතරව සුනඛයන් 47 දෙනෙකු සම්බන්ධ කර ගත්තා.
සුනඛයන්ගෙන් ලබා ගත් ශුක්‍රානු සාම්පලවලත් උක්ත ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු දක්නට ලැබුන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ශුක්‍රාණු විකෘති වීම, ධාරිතාවය අඩු වීම, අසාමාන්‍ය ශුක්‍රාණු ප්‍රතිශතය ඉහළ යෑම, වැනි අසාමානා්යතාවයන් දැක ගැනීමට ලැබුණා. ඒ නිසා මෙම සුනඛයන්ගේත් තම වර්ගයා බෝ වීමේ හැකියාව අඩු වෙමින් පවතින බැව් පර්යේෂකයන්ට පෙනී ගියා. නමුත් මෙහිදී දැක ගන්නට ලැබුණ තවත් විශේෂත්වයක් වූයේ පිරිමි පුද්ගලයන්ගේ සඵලතාවය ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල බලපෑම නිසා 40% කින් දුර්වල වී තිබුණා. ඒ වගේම
සුනඛයන්ට සාපේක්ෂව බලන විට පිරිමි පුද්ගලයන්ගේ ශුක්‍රාණු ගිණුම සම්බන්ධයෙන් වැඩි බලපෑමක් ඇති වී තිබුණ බවත් පර්යේෂකයන්ට පෙනී ගිය කරුණක්. සුනඛයන්ගේ මෙම සංයඅතිය මයික්රොග්රෑම් 122.63 ක් දක්නට ලැබුන අතර, පිරිමිගේ එම සංයුතිය මයික්රොග්රෑම් 322.44 ක් තරම් ඉහළ අගයකින් යුක්ත වීමත් පෙනී ගියා.
නවදිල්ලියේ හි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය උමා වෛද්‍යනාදන් සඳහන් කරන අන්දමට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රජනක සෞඛ්‍යට සම්බන්ධ හෝර්මෝන ක්‍රියාකාරීත්වයට බාධා කරන බව අප දන්නා කරුණක් නම් එතැනින් අපේ ජීවිත වෙනස් කර ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්. එසේ නොමැති වුණොත් අපේ ගෙවැසි සුරතලුන්ටත් අනාගතයේදී මදසරු බව වෙනුවෙන් ප්‍රතිකාර සොයන්නටත් සිදු වේවි.
www.medicalnewstoday.com
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
Top