අවශ්‍ය ද්‍රව්‍ය
- නෙළුම් අල අවශ්‍ය පමණට
- අබ ඇට ස්වල්පයක්
- උළුහාල් ස්වල්පයක්
- චොප්කරගත් සුදු ලූනු බික් 3-4
- රම්පේ කරපිංචා
- කුරුඳුපොතු කැබැල්ලක්
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- කහ කුඩු ස්වල්පයක්
- මිරිස්කුඩු තේ හැඳි 1
- අමු තුනපහ කුඩු තේ හැඳි 1
- කපාගත් අමුමිරිස් කරල් 2
- කපාගත් තක්කලි ගෙඩි 1
- මිටිකිරි කෝප්ප 1
- රස අනුව ලුණු
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
නෙළුම් අල සෝදා පෙති කපාගන්න. මෙයට ලුණු සහ කහ දමා තම්බාගන්න. තෙල් රත්වූ භාජනයකට අබ හා උළුහාල් ටික මද වේලාවක් තෙම්පරාදු කර ලූනු, සුදු ලූනු, අමුමිරිස්, රම්පේ හා කරපිංචා දමාගන්න. මේ ටික බැදෙන්න හැර තම්බාගත් නෙළුම් අල ටික එකතු කර තක්කාලි, මිරිස්කුඩු, තුනපහකුඩු සහ කහකුඩු දමාගන්න. කලවම් කරගෙන මිටිකිරි එකතු කර ලුණු දමා හින්දවාගන්න.