මරණය පිළිබඳ අර්ථ දැක්වීමක් සිදු කරනවා නම් හෘද ස්පන්දනය සිදු නොවනවා නම් අපි එය මරණය යනුවෙන් හඳුන්වනවා. එය සායනික මරණයක් ලෙස හැඳින්වෙනවා. මරණය යන මේ සංකල්පය සම්පූර්ණයෙන්ම පදනම් වී තිබෙන්නේ හෘදයවස්තුව දෙසටයි.
මොළය ක්‍රියා නොකරන අවස්ථාවක…
ඒ වගේම අපේ මොළය ක්‍රියා නොකරන අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකුට කතා කිරීම, නැගිටීම. වාඩි වීම සිදු කර ගැනීම අපසුයි. මොළය විසින් ප්‍රතිචාර නොදක්වන අවස්ථාවක් ලෙසින් මෙය හඳුන්වන්න පුළුවන්.
මොළය ක්‍රියා කරන්නේ කොහොමද…?
මොළයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් ඔක්සිජන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හෘදය වස්තුව විසින් රුධිර සංසරණය නොකළොත් මොළය කරා ඔක්සිජන් ළඟා වෙන්නේ නැහැ. එවිට මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.
මියගියාම මොළයට සිදු වෙන්නේ කුමක්ද?
උපතක් ලැබුණොත් මරණයත් අනිවාර්යෙන්ම සිදු වෙන්නක්. නමුත් අපගේ මරණයෙන් පසුව මොළයට සිදු වෙන්නේ කුමක්ද කියන බව අපි කවුරුත් දන්නේ නැහැ. මිචිගන් විශ්ව විද්‍යාලයේ අණුක සහ සමෝධානික කායික විද්‍යාව ස්නායු විද්‍යාව පිලිබඳ මහාචාර්ය ජිබෝ බෝර්ජිගින් විසින් මරණයෙන් පසුව මොළයට සිදු වෙන්නේ කුමක්දැයි අළලා අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. මේ වෙනුවෙන් මීයන් ආශ්‍රිතව අධ්‍යයනයක් සිදු කරනු ලැබුවා.
ශල්‍ය කර්මයකින් පසුව මීයන්ගේ මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙම පර්යේෂණයේ අවධානය යොමු වුණා. මේ මීයන් අතරින් දෙදෙනෙකු මිය ගියා. ඒ අනුව මරණය සමග මොළයේ ක්‍රියාකාරීත්වය සිදු වන ආකාරය ගැන ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණා.
සෙරොටොනින් ස්රාවය කිරීම…
මෙහිදී අධ්‍යයන කණ්ඩායම පවා මවිතයට පත් කරන සිදු වීමක් ගැන වාර්තා වෙනවා. මරණයට පත් එක් මීයෙකු විසින් “සෙරොටොනින්” වැඩි ප්‍රමාණයක් ස්රාවය කර තිබුණා. සෙරටොනින් යනු අපේ මනෝභාවයන්ට සම්බන්ධ රසායනයක්.
මරණයට පත් මීයෙකු විසින් සෙරටොනින් වැඩියෙන් ස්රාවය කර තිබීමෙන් පෙනී යන්නේ මේ මීයන් යම් මායාවක වෙලී සිටි බැව් විය හැකි යැයි බෝර්ජගින් සඳහන් කරනවා.
මේ ගැන තව දුරටත් අධ්‍යයනයන්…
ඇත්තටම මරණය සමග සෙරටොනින් ස්රාවය වෙනවා නම් අපි ඒ ගැන තව දුරටත් පරීක්ෂණ සිදු කළ යුතුයි. ඒ නිසා මේ සිදුවීම අළලා තව දුරටත් අධ්‍යනයන් සිදු කිරීම අවශ්‍ය වෙනවා.2013 වසරේදී සිදු කරන ලද අධ්‍යන වාර්තාකට අනුව සතුන්ගේ හදවත් නතර වූ පසුව ස්නායු සම්ප්රේෂකයන්හි සිදු වන ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනු ලැබුවා.
එහිදී පෙනී ගිය අන්දමට ජීවත්ව සිටිනවිට පවතින මට්ටමට වඩා සෙරොටොනින් 60 ගුණයකින්ද, ඩොපමින් 40-60 අතර අගයකින් සහ සිත ඉතා අවධානයෙන් තබන “ නොරිනෙෆ්රයින් 100 ගුණයකින්ද වැඩි වී තිබුණා.
මේ වාර්තාව https://pubmed.ncbi.nlm.nih.gov/23940340/ මගින්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ කණ්ඩායම විසින් නැවතත් 2015 වසරේදී අධ්‍යයනයක් සිදු කරනු ලැබුවා. මෙහිදීත් මිය යමින් සිටි මීයන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරු ගවේශණය කිරීම සිදු වුණා.
මොළය වේගවත්…
අධි ක්‍රියාකාරීයි. 2013 වසරේදී නැවතත් මේ සංසිද්ධිය අලලා අධ්‍යයනයන් ආරම්භ කරනු ලැබුවා. මෙහිදී මොළයේ ක්‍රියාකාරීත්වය ස්කෑන් කර බැලීම සඳහා විද්‍යුත් එනසෙෆලෝග්රැපි ඉලෙක්ට්‍රෝඩ සවි කරනු ලැබු අතර කෝමා තත්ත්වයේ සිටින ජීවිත ආධාරක මත යැපෙන රෝගීන් සිවු දෙනෙකුත් සම්බන්ධ කර ගත්තා.
ඔවුන් මිය යන බව පෙනී ගිය නිසාම පවුලේ සාමාජිකයන්ද මේ සිව් දෙනාට උපකාර කිරීමෙන් ප්‍රතිඵල නොලැබෙන බැව් දැන සිටි හෙයින් මරණයටම තීන්දුව ලබා දී පවුලේ සාමාජිකයන් නිශ්ශබ්දව සිටියා.
ඒ නිසා ඔවුන්ගේ අවසරය මත වෙන්ටලේටර් මත තබා ගෙන මොළයේ ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනයන් සිදු කිරීමට (https://pubmed.ncbi.nlm.nih.gov/37126719) තීරණය කළා.
ගැමා තරංග…
මේ අතරින් රෝගීන් දෙනෛකුගේ මොළයේ ඉහළ සක්රියතාවයක් පැවැති අතර සංජානනය ක්‍රියාකාරකම් පෙන්නුම් කිරීමත් දක්නට ලැබුණා. සංකීර්ණ තොරතුරු සැකසීමේදී සහ ආවර්ජනය කිරීමේදී ක්‍රියාත්මක වන “ ගැමා තරංග ” පවා මෙම මරණාසන්න රෝගීන්ගේ මොළයේ දැක ගන්නට ලැබීමත් විශේෂ හේතුවක් වුණා.
එක් රෝගියෙකුගේ මොළයේ දෙපස ඇති තාවකාලික ඛණ්ඩිකාවල පවා ඉහළ ක්රියාකාරීත්වයක් දකින්න ලැබුණා. යම් පුද්ගලයෙකුගේ සහකම්පනය සඳහා මොළයේ මෙම පිහිටීම ඉතා වැදගත්.
හෘදයාබාධයකින් පසුව නැවත ජීවත්වීමට වාසනාව ලද හෙවත් මරණාසන්න අත්දැකීම් ඇති පුද්ගලයන් සඳහන් කරන අන්දමට මරණාසන්න අත්දැකීම් නිසා ඔවුන් යහපත් පුද්ගලයන් බවට පත්ව සිටිනවා.
ඒ වගේම තමන්ට මෙම මරණාසන්න අත්දැකීම් තුළදී ජීවිතයේ ප්‍රධාන අවස්ථාවන්හි ක්ෂණික මතකයන් ඇති වී තිබුණ බවත් ඔවුන් සඳහන් කරනවා.
බොහෝ දෙනෙක් තමන් ආලෝකයක් දුටු බව සඳහන් කරන අතර තවත් රෝගීන් ශරීරයෙන් පිටත අත්දැකීම් ඉහළ සිට අනිරීක්ෂණය කළ බවත් විස්තර කරනවා.
මරණාසන්නව මේ තරම් අත්දැකීම්…
ඇත්තටම මරණාසන්න පුද්ගලයෙකු විසින් මේ තරමටම අත්දැකීම් ලබා ගන්නේ කෙසේදැයි යන්න තමාටත් විමතියක් බැව් ආචර්ය බෝර්ජිගින් සඳහන් කරනවා. හෘදයාබාධයකින් පසුව ජීවිතය ගලවා ගත් රෝගීන්ගෙන් 25% ක් පමණ දෙනෙකු තමන් සුදු ආලෝකයක් හරහා යමක් දුටු බැව් සඳහන් කරනවා.
එයින් අපට පෙනී යන්නේ දෘශ්‍ය බාහිකය ( visual cortex ) සක්‍රිය වී තිබෙන බවයි. වෙන්ටිලේටර් යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමෙන් පසුව මොළයේ ඉහළ ක්රියාකාරීත්වයක් පෙන්නුම් කළ රෝගීන්ගේ දෘශ්‍ය බාහිකය දෘශ්‍ය අත්දැකීම් සමගත් සම්බන්ධ වීමට හැකි තරම් ක්රියාකාරීත්වයක් පෙන්නුම් කරනු ලැබුවා.
මේ ක්ෂේත්රය ගැන මෙතෙක් සිදු කරන ලද අධ්‍යයනයන් පාදක කර ගත් බෝර්ජගින් සඳහන් කරන්නේ හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවක මොළය තුළ අඩු ක්රියාකාරීත්වයක් වෙනුවට අධි ක්රියාකාරීත්වයක් ඇති වෙනවා.
ඔක්සිජන් හිඟ වීමත් (hypoxia) සමඟ සිදු වන මොළයේ යාන්ත්‍රණය අපට තේරුම් ගැනීමට අපහසුයි. හේමන්ත නිද්‍රාව ගැන විශ්වාස කරන බෝර්ජිගින් සඳහන් කරන්නේ මෙය ඔක්සිජන් නැති විටෙක ඊට මුහුණ දීමට ඇති යාන්ත්‍රණයක්.
නමුත් අපි මේ සොයා ගෙන තිබෙන්නේ යෝධ අයිස් කුට්ටියක තුඩක් පමණයි. තව සොයා ගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ වෙනුවෙන් වූ පර්යේෂණයන් තව දුරටත් සිදු විය යුතු බැව් මහාචාර්ය ජිබෝ බෝර්ජිගින් සඳහන් කරනවා.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️