මාස කිහිපයක් වහලා තිබුණ රටක් කොවිඩ්වලින් පස්සේ ආයෙත් පිම්මේ දුවන්න අරන්. ඒ නිසා මගහැරුණු බොහෝ දේවල් ආයෙත් හදවත්වලට සමීප වෙලා. එහෙම මගහැරුණු විවාහ උත්සව, බර්ත්ඩේ පාටි, ඔෆිස් පාටි දැන් හොඳම තැන තියන්න බොහෝ අය පෙළඹිලා. ඒකට හොඳම තැනයි ඔවුන් හැමතිස්සෙම හොයන්නේ.
නවීකරණ කටයුතුත් එක්ක ගලධාරී හෝටලයේ වෙඩින්වලට, ෆන්ක්ෂන්වලට, ඉවෙන්ට්ස්වලට ඉඩක් තියෙනවද?
අපිට ඉවෙන්ට්ස්, වෙඩින්, ෆන්ක්ෂන්, කොන්ෆරන්ස්, කොක්ටේල්ස්, ඩිනර්ස්, ප්‍රයිවර්ට් පාටිස් වගේ ඕනම දෙයක් කරන්න පුළුවන්. කාමරවල නවීකරණ කටයුතු සිදුවුණත් බෝල්රූම් එක ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්.
තාම ෆුල් පෑකේජ් එකක්ද කස්ටමස්ලට දෙන්නේ ?
ඔව්. ඒකෙ කිසිම අඩුවක් වෙලා නෑ.
බෝල්රූම් එකේ කොච්චර ගෙස්ට්ලා ප්‍රමාණයකට ඉඩ තියෙනවද?
ඇත්තටම ඒක ෆන්ක්ෂන් එකෙන් ෆන්ක්ෂන් එකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඩිනර් එකක් නම් පන්සීයක් වුණත් දාන්න පුළුවන්. වෙඩින් එකක් නම් හත්සීයක් වුණත් දාන්න පුළුවන්.
නවීකරණ කටයුතු සිදුවන නිසා හෝටලයට අමුත්තන්ගේ පැමිණීම අඩුවෙලාද?
නවීකරණ කටයුතුවල සුළු බලපෑමක් විතරයි තියෙන්නේ. අපිත් එක්ක වැඩකරන කස්ටර්මස්ල අපි ගැන අවදානෙන් ඉන්නේ. ඒ දැනුවත් කිරීම් නිසා ලොකු අඩුවක් අපිට දැනිලා නෑ.
සාමාන්‍යයෙන් වෙඩින් එකකට අවුරුද්දකට විතර කලින් හෝටලයක් බුක් කරනවා. නවීකරණ කටයුතු නිසා බුක් කරන්න කස්ටර්මස්ල දැන් බය වෙන්න පුළුවන් නේද?
නැහැ. අපේ බෝල්රූම් එකට වෙනමම එන්ට්‍රන්ස් එකක් තියෙන්නෙ. හෝටලයේ මොන වැඩක් තිබුණත් ඒ නිසා බෝල්රූම් එකට කිසි බාධාවක් නෑ. අපිට වැදගත්ම දේ තමයි මේ සිද්ධවෙන නවීකරණ කටයුතුත් එක්ක කලින්ටත් වඩා ශක්තිමත්ව ඉදිරියට යන්න ලැබුණු එක.
අලුත්වැඩියාවෙන් පස්සේ දැනට තියන මිලගණන් වෙනස් වෙනවද?
සාමාන්‍යයෙන් වාර්ෂිකව පොඩි වෙනස් වීමක් පමණයි වෙන්නේ. අපේ දැනට වෙන අලුත්වැඩියා නිසා මිලගණන් වැඩි කිරීමට බලාපොරොත්තුවක් නැහැ.
මොන වගේ අමුත්තන්ද උත්සවවලට වැඩිපුර එන්නේ?
මම වැඩකරපු තැන් එක්ක බලද්දී ගලධාරී හොටලයේ තමයි වැඩිපුරම සෙකන්ඩ් ජෙනරේෂන් වෙඩින්ස් වෙන්නේ. මම දන්න එක් පවුලක් ඉන්නවා අම්මයි තාත්තයි ගලධාරී හොටෙල් එකේ මැරි කළා.
දුවයි පුතයි දෙන්නමත් මේ හොටෙල් එකේමයි මැරි කළේ. හැම ජාතිකයෙක්ම අපට එනවා. සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් පොදුවේ හැමෝම වගේ අපේ ගෙස්ට්ලා.
කොහොමද ඔයාලගෙන් කස්ටර්මස්ලට ලැබෙන සහයෝගය?
කස්ටර්මස්ලා විදිහට අපට සිංහල බෞද්ධ අය ඉන්නවා, මුස්ලිම් අයත් ඉන්නවා, ක්‍රිස්තියානි අයත් ඉන්නවා. ඒ නිසා ක්ලයන්ට්ට ගැළපෙන්න ට්‍රීට් කරන්න පුළුවන් ස්ටාෆ් එකක් අපට ඉන්නවා. ඒ චැලෙන්ජ් එක බාරගන්න කැමති කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් සේවකයන් පිරිසක් එක්ක අපි ඉදිරියට යනවා.ලැබෙන ප්‍රතිචාර 90 % විතර ලැබෙන්නෙ හොඳම ප්‍රතිචාර. එයින් කෑමවලට තමයි ඉහළ ප්‍රතිචාර ලැබෙන්නේ.
හරින්දී ලියනගේ ✍️