අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 80
- එළවළු තෙල් මිලිලීටර් 50
- තිරිඟු පිටි 80පක
- බිත්තර 5 (බිත්තර කහමද හා සුදුමද වෙන වෙනම ගන්න)
- බ්ලෙන්ඩ් කරගත් සීනි ග්‍රෑම් 70
- වැනිලා තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
අවන් එක සෙල්සියස් 175ක උෂ්ණත්වය යටතේ විනාඩි 15 ක් ප්‍රීහීට් වෙන්න තියන්න. බෝල් එකකට එළවළු තෙල්, ෆ්‍රෙෂ් මිල්ක් හා බිත්තර කහමද එකතුකර බීට් කරගන්න. මේ මිශ්‍රණයට පිටි ටිකෙන් ටික එක් කරමින් බීට් කරගන්න.
දැන් වෙනම භාජනයකට බිත්තර සුදුමද හා බ්ලෙන්ඩ් කරගත් සීනි එකතුකර හොඳින් බීට් කර බිත්තර කහමද මිශ්‍රණයට සුදුමද මිශ්‍රණය එකතුකරගන්න. එයටම වැනිලා එකතුකර ස්පැචුලා එකකින් මිශ්‍ර කරගන්න. මේ බැටර් එක බේකින් ට්‍රේ එකට දමාගන්න. වෙනම තැටියකට උණුවතුර ස්වල්පයක් එකතුකර කේක් මිශ්‍රණය දාපු තැටිය ඒ මත තියා විනාඩි 40 ක් බේක් වෙන්න හරින්න.