මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන “නීල පබළු”ටෙලි නාට්‍ය හරහා ඔබේ දෑස් මානයට එන කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ, සුන්දර, නිහතමානී කලාකාරිනියක් මෙන්ම නර්තන ගුරුවරියක්ද වන ඔබ සැම ආදරය කරන රුක්ෂානා දිසානායක සමඟිනුයි මෙවර අපේ සුහද කතාබහ ඇරඹෙන්නේ
මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබුණ නීල පබළු ටෙලි නාට්‍යයේ රූගත කිරීම අවසන් කළා. ටෙලි නාට්‍ය තවමත් විකාශනය වනවා. ඒත් එක්ක අලුත් නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා.
අලුත් නිර්මාණවලටත් ආරාධනා ලැබුණද?
අරාධනා කීපයක්ම ලැබුණා. නමුත් තවම ෂූටින් පටන් ගත්තේ නැහැ.
නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ තෝරා බේරගෙනද?
ටෙලි නාට්‍යවල නම් එහෙම ලොකුවට තෝරන්නෙ නැහැ. මට ගැළපෙන චරිතවලටම තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. නමුත් චිත්‍රපටවල නම් ස්ක්‍රිප්ට් එක බලලා, කොහොමද වෙන්නේ, ඔක්කොම කාරණා අහලා තමයි සම්බන්ධ වෙන්නේ.
ඔබ රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි, නර්තන ගුරුවරියක් ලෙසිනුත් කටයුතු කරනවා. අපි ඒ ගැනත් කතා කරමු…
ඇත්තටම ඔව්. මම නර්තනය පාසල් යන කාලේ ඉඳලම හැදෑරුවා. ඊට පස්සේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා නර්තන කලාවෙන් මගේ උපාධිය ලබාගත්තා. ඒ ලැබුණු පන්නරයත් එක්ක තමයි ඇත්තටම මට නර්තන ගුරුවරියක් වෙන්න පුළුවන් වුණේ.
මේ වෙද්දී මම කිරිබත්ගොඩ,“රුක්ෂානා දිසානායක ඩාන්සින් ඇකඩමි” නමින් මගේ නර්තන පාසල පවත්වාගෙන යනවා. එතන ඕනෑම වයස් කාණ්ඩයක ළමයින්ට මම නර්තනය ඉගැන්වීම් කටයුතු කරනවා. ඊට අමතරව ගොඩක් වෙලාවට මියුසික් වීඩියෝස්වල Choreography කරනවා.
අද මේ සැබෑවෙලා තියෙන්නේ ජීවිතේ දැකපු හීනයක්ද?
අනිවාර්යයෙන්ම ඔව්. ගොඩකාලයක ඉදලා ආසාවෙන් හිටියා රංගන ක්ෂේත්රයට එකතු වෙන්න. නමුත් ඉතින් අපේ ජීවිතවලට එකපාරට ඕනම දෙයක් අපිට ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් අවුරුදු ගාණක්ම මහන්සි වෙලා, කැපකිරීම් කරලා, මේ විෂය අධ්‍යයනය කරලා තමයි මේ හීනේ හැබෑවක් කරගන්න පුළුවන් වුණේ.
ඒ ගමන ඇතුළේ, “මේ වගේ චරිතයක් මටත් කරන්න තිබුණ නම් හොඳයි” කියලා හිතුණ අවස්ථාත් ඇති?
ඇත්තටම ඔව්, මම ආස කරන තව ගොඩක් චරිත තියෙනවා කරන්න. ඒ චරිතත් ඉදිරියේදී කරන්න ලැබෙයි කියලා හිතෙනවා. ගොඩක් දුරට මම කැමතී ඒ චරිත ඇතුළේ වෙනසක් ඇති කරන්න. බලමු ඉතින් වාසනාව කියන දේත් එක්ක ඒවා ඉදිරියේදී ලැබෙයි.
ක්ෂේත්රය නිසාම හිත්රිදීම් ඇතිවුණ අවස්ථා තියෙනවද?
එහෙම අවස්ථාත් ඇත්තටම තියෙනවා, නැතිව නෙවෙයි. ඒත් ඒවත් අපි අපේ ජීවිතවලට අත්දැකීම් කරගන්න ඕනේ, පන්නරයක් කරගන්න ඕනේ. එතනින් එහාට අපි ඒ ගැන හිතන්නේ නැතුව ඒ දේට මුහුණ දුන්නම මම හිතනවා ඒ දෙයින් අපිට ලොකු දුකක් දැනෙන්නේ නැහැ කියලා.
විලාසිතා කරන්නෙත් තෝරා බේරගෙනද?
ඔව්. මම හිතන්නේ අපි කරන්න ඕනේ අපිට ගැළපෙන දේවල්. එහෙම අපිට ගැළපෙන දේවල් කළොත් අපිව බලන අයට වුණත් අපි ගැන අප්‍රසාදයක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මම මට ගැළපෙන විලාසිතා තෝරගෙන තමයි කරන්නේ. විලාසිතාම විතරක් නෙවෙයි අනෙක් වැඩ කටයුතුත් අපි කරන්න ඕනේ අපේ ජීවිතයට ගැළපෙන දේ විතරක් තෝරගෙන. ඒක ඇත්තටම ගොඩක් වටිනවා.
රුක්ෂානා මේ වෙනකොට ආදරවන්තියක් නේද? ඒ ආදරය ගැනත් අපි කියමු…
ඔව්, මම මේ වෙද්දි ආදරවන්තියක්. ආදරය කරද්දි ප්‍රශ්න, ගැටලු කියන දේ හැමෝටම ඇතිවෙනවා. සීයට සීයක් හැමදේම හරියන්නේ නැහැ. ඒ නිසා නොගැළපෙන තැනුත් ගැළපෙන විදිහට හදාගෙන අපි ජිවීතේ ඉදිරියට යනවා..
ඔහුත් කලා ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක්ද?
ඔව්.
ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැනත් අපි කියමු…
ඇත්තටම එයත් ක්ෂේත්රයට සම්බන්ධ නිසා එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. එයාගේ මග පෙන්වීම් යටතේ යනකොට ලොකු ගමනක් තියෙනවා කියලා මට හිතෙනවා.
ජීවිතයට ආදරය කියන දේ දැනෙන්නේ කොහොමද?
ඕනම මනුස්සයෙක්ගේ ජීවිතයේ සුන්දරත්වය තියෙන්නේ ආදරය මත. අපේ පාර්ට්නර් කියන්නේ, අපේ ජීවිතයේ හැමදේම බෙදාගන්න කෙනා. ඒ කෙනත් එක්ක තමයි අපේ ඉස්සරහ ගමන අපි සැලසුම් කරන්නේ. ඉතින් ආදරේ නිසා ජීවිතේ ඇත්තටම හරි සුන්දරයි.
ආපස්සට හැරිලා බලද්දි ජීවිතේ මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. සමහර වෙලාවට ඒ ඒ තැනට එන්න ඒ ඒ දේවල් ලබාගන්න කොච්චර දුක් වින්දද, කොච්චර මහන්සි වුණාද කියන ඒ හැඟීම ගැන හිතනකොට හරිම තෘප්තිමත් බවක් තමයි දැන් දැනෙන්නේ.
ඒ කැපකිරීම්වල ප්‍රතිඵලයක් අද තියෙනවා. විශ්වවිද්‍යාල කටයුතුත් ක්ෂේත්රයේ කටයුතුත් හැමදේම සමබරව කරගෙන ලොකු කැප කිරීමක් කරලා, කිසිම දෙයක් අත්හරින්නේ නැතුව ආපු ගමනක් තමයි මේ. ඒ වගේම මට ලැබෙන හැම නිර්මාණ කටයුත්තකටමත් කිසිම අසාධාරණයක් නොකර, මට පුළුවන් උපරිමයෙන් ඒවටත් සම්බන්ධ වෙමින් හෙමින් ආපු සාර්ථක ගමනක් කිව්වොත් මම හරි.
පාරමී කෞෂිකා ✍️