අවශ්‍ය ද්‍රව්‍ය
- සිලින්ඩර හැඩති රයිස් කේක් ග්‍රෑම් 500
- වතුර කෝප්ප 4
- ලොකු හාල්මැස්සො 8
- අඟල් 6 x 8 ප්‍රමාණයේ සීවීඩ් පත්‍රයක්
- කොරියන් චිලි පේස්ට් කෝප්ප 1/3
- කොරියන් කෑලි මිරිස් මේස හැඳි 1
- සීනි මේස හැඳි 1
- අගලේ කැබලි කපාගත් ලූනු ගස් 3
සාදාගන්නා ආකාරය
පොට් එකකට වතුර එකතු කර හාල්මැස්සන්, සීවීඩ් එකතු කර අඩු ගින්දරේ විනාඩි 15 ක් තම්බා ගන්න. එයට කොරියන් චිලි පේස්ට්, කෑලි මිරිස්, සීනි එකතු කර පිස ගන්න. හාල්මැස්සන් ඉවත් කර රයිස් කේක් එකතු කර හොදින් තම්බා හින්දවා ගන්න. ලිප off කර ලූනු කොල එකතු කර ගන්න.