අවශ්‍ය ද්‍රව්‍ය
- තමන් කැමති පළතුරු කෝප්ප 3 (කොමඩු හෝ පැෂන් වගේ පළතුරක් ගන්නවා නම් වඩා හොඳයි)
- වතුර කෝප්ප 1/4
- සීනි කෝප්ප 1/4
- දෙහි ගෙඩි 1/2
සාදාගන්නා ආකාරය
පළතුරු අයිස් කැට මෙන් සීත වන තුරු පැය 3 ක් පමණ අධි ශීතකරණයේ තබන්න. වතුර සහ සීනි එකතු කොට උණු කර සීනි සිරප් එකක් සාදා නිවෙන්න ඉඩ හරින්න. පසුව මේ සියල්ල එක් කොට බ්ලෙන්ඩ් කර පැය 6 ක් පමණ අධි ශීතකරණයේ තබගන්න.