අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි ග්‍රෑම් 400
- පොල් කිරි මිලීටර් 400
- රස අනුව ලුණු
- සීනි තේ හැඳි 1
- වතුර අවශ්‍ය පමණට
- ආප්ප සෝඩා තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
භාජනයකට හාල් පිටි, අප්ප සෝඩා,සීනි සහ වතුර දමා හොඳන් කලවම් කරගන්න. එය පැයක් පමණ වසා තබන්න. පසුව මෙයට ලුණු හා පොල් කිරි දමා අප්ප මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසු තෙල් රත්වූ තාච්චියකට දමා ආප්ප පුච්ච ගන්න.