අවශ්‍ය ද්‍රව්‍ය
- කටු නැති චිකන් ග්‍රෑම් 500
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- චොප්කරගත් සුදු ලූනු බික් 8-10
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 2
- සෝයාසෝස් තේ හැඳි 2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 2
- විනාකිරි තේ හැඳි 2
- දෙහි ගෙඩියක යුෂ
- සීනි තේ හැඳි 1
- රස අනුව ලුණු
- අඹරාගත් කරපිංචා ස්වල්පයක්
- ග්‍රීන් චිලී සෝස් තේ හැඳි 1
- කෝන්ෆ්ලා තේ හැඳි 2
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය
චිකන්වලට ලුණු, දෙහි යුෂ, මිරිස්කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු හා සෝයා සෝස් දමා කළවම් කරන්න. මේකට චොප්කරගත් ඉඟුරු, සුදු ලූනු, කරපිංචා සහ ග්‍රීන් චීලී සෝස් එක්ක සීනි දාලා පැයක් පමණ මැරිනේට් කරගන්න. ඊළඟට මේ චිකන් ටික කෝන්ෆ්ලාවල දවටා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.