අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් ඩ්‍රම්ස්ටික් 7-8
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- කහ කුඩු තේ හැඳි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1
- ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 2
- සෝයා සෝස් තේ හැඳි 1
- ලුණු
- පාන්පිටි මේස හැඳි 2
- බිස්කට් කුඩු මේස හැඳි 4
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට ඉඟුරු, සුදු ලූනු පේස්ට් එක දාලා සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු හා මිරිස් කුඩු දමා කළවම් කරන්න. චිකන් ඩ්රම්ස්ටික්වලට පිහියෙන් කැපුම් පාරවල් ටිකක් දමා චිකන් ටික සාදාගත් පේස්ට් එකේ දාලා හොඳට කළවම් කරන් පැය දෙක තුනක් මැරිනේට් කරගන්න.පාන්පිටි හා බිස්කට් කුඩු කළවම් කරගන්න. දැන් මැරිනේට් කරපු චිකන් ටික බිස්කට් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.