අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3-4
- කඩල පිටි කප් 1
- හාල් පිටි මේස හැඳි 1
- පාන් පිටි මේස හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- කහ තේ හැඳි 1/4
- මහදුරු තේ හැඳි 1/4
- තලාගත් ඉඟුරු, සුදු ලූනු තේ හැන්දක්
- බේකින් සෝඩා පින්ච් එකක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
බිත්තර හොඳින් තම්බා කටු ඉවත් කර දෙකට කපා පසෙකින් තබන්න. ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එකට මිශ්‍ර කර වතුර ස්වල්පයක් දමා ඝණ බැටරයක් සාදාගන්න. එයට කපාගත් බිත්තර පළු එක බැඟින් දමා බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න.