මෙම වසරේ චමරි අතපත්තු තෙවන වරටත් ICC මාසයේ කාන්තා ක්රීඩිකාව සම්මානය දිනාගෙන ඇත.
ඇය මීට පෙර මැයි මාසයේද එම සම්මානයට හිමිකම් කීවාය. මෙම සම්මානය වෙනුවෙන් මෙවර චමරි සමඟ ඉන්දියානු ආරම්භක පිතිකරුවන් වන ස්ම්රිති මන්දනා සහ ෂෆාලී වර්මාද තරග කළෝය.
චමරි අතපත්තු විසින් ශ්රී ලංකාවට මෙවර කාන්තා ආසියානු කුසලානයේ මංගල ශුරතාවය දිනාදෙනු ලැබූයේ හත් වරක් ශූරයන් වූ ඉන්දියාවට එරෙහිවය.
“මාසයේ කාන්තා ක්රිකට් ක්රීඩිකාව ලෙස තෙවැනි වරටත් තේරී පත්වීම ගැන මම සතුටු වනවා මෙන්ම එය මට ලොකු ගෞරවයක්. මගේ කණ්ඩායමේ සගයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහයෝගයෙන් ලබා ගත් මගේ උත්සාහය අඛණ්ඩව ඇගයීමට ලක්වීම සතුටට කරුණක්.” ඇය පැවසුවාය.