අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කපාගත් පාන් කෝප්ප 2
- කපාගත් කැරට් අල 1
- කපාගත් ලීක්ස් කෝප්ප 1/2
- කපාගත් ලූනු කොළ කෝප්ප 1/4
- කපාගත් ලූනු ගෙඩි 1
- කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
- නයි මිරිස් කරල් 1
- කෑලි මිරිස් තේහැඳි 2
- චීස් කෑලි 2
- කපාගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු තේ හැඳි 2
- සෝයා සෝස් තේ හැඳි 1
- ගසාගත් බිත්තර 2
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකක ඉඟුරු, සුදු ලූනු, අමුමිරිස් හා නයි මිරිස් චොප් කර එකතු කරගන්න. මද වේලවාකට පසු ගසාගත් බිත්තර එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රණයට කෑලිමිරිස්, ලූනු, එළවළු සියල්ල සහ චීස් එකතු කරගන්න. අවසානයට පාන් කැබලි දමා කලවම් කර ළිපෙන් ඉවත් කරගන්න.