අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කොස් කෝප්ප 2
- ලියාගත් ලීක්ස් කෝප්ප 1/2
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- සිහින්ව කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- ග්‍රේට්කරගත් කැරට් අල 1
- අමුමිරිස් කරල් 2
- ලියාගත් රම්පේ හා කරපිංචා ස්වල්පයක්
- ලියාගත් තක්කාලි ගෙඩි 1
- චොප්කරගත් සුදු ලූනු බික් 3
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- බිත්තර 2
- කරාබුනැටි 2
- කුරුදුපොතු කැබල්ලක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෑලි මිරිස් තේ හැඳි 2
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කොස් ටික ස්ටීමර් එකේ තම්බගන්න. තෙල් රත්වූ පෑන් එකකට ඉඟුරු, සුදු ලූනු, අමුමිරිස්, රම්පේ කරපිංචා හා කුරුඳුපොතු දමා ටික වෙලාවක් බැදෙන්න හරින්න. පසුව කෑළිමිරිස්, කරාබුනැටි, ලූනු, කුරුදුපොතු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරන්න.
හොඳට බැදුණු බිත්තර හා කපාගත් එළවළු දමාගන්න. එළවළු සම්පූර්ණයෙන්ම මැලවෙන්න නොදී කොස් ටික දාලා ලුණු එකතු කර කලවම් කරගන්න.