2024 අගෝස්තු නවවැනි දින ගැන අපි කතා කළ යුතුම වෙමු. කල්කටාවේ රෝහලක පැය තිස් හයක කාලයක් අඛණ්ඩව වැඩ කළ තරුණ සොඳුරු වෛද්‍යවරියක එම රෝහල් පරිශ්‍රයේදීම අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීම පිළිබඳව වාර්තා වන්නට විය. ඇගේ සියුමැලි සිරුර හමු වන්නේ රෝහලේ විවේකාගාරයට යාබදව පිහිටි පාළු කාමරයක ලේ වැගිරුණු මෙට්ටයක් මත තිබියදීය.
මුලින්ම කල්කටා පොලීසිය ඇගේ දෙමාපියන්ට දැනුම් දී තිබුණේ ඔවුන්ගේ දියණිය සියදිවි නසාගෙන ඇති බවය. එනමුදු පැය කිහිපයකින් ලැබුණු මරණ පරීක්ෂණ වාර්තාවෙන් පැහැදිලිවම හෙළිවූයේ තිස්එක් හැවිරිදි තරුණිය බරපතළ ලිංගික අතවරයන්ට ලක්වී ඒ නිසා මරණය සිදු වී ඇති බවය.
ඒ සමඟම කල්කටාවේ පමණක් නොව මුළු මහත් භාරතයේත්, දකුණු ආසියාවේත් එතැනින් නොනැවතී ඇගේ වෘත්තියේ නියැළෙන ලෝකයේ සෑම කාන්තාවක්මත් ඇය විඳි ශාරීරික වේදනාව පිළිබඳ මෙනෙහි කරමින්, හඬමින්, වැළපෙමින් ඇයට සාධාරණයක් ඉටුවිය යුතුම බව හඬ ගා කියන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස කල්කටාවේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමාවන්නට විය.
මෙම ස්ත්‍රී දූෂණයේ ඛේදනීයම තත්ත්වය වන්නේ, සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවලියකදී පිරිමියකු පිටකරන ශුක්‍රාණු ග්‍රෑම් 15 ක ප්‍රමාණය වගේ දස ගුණයක් ඇගේ ශරීරයේ තිබී හමුවීමත්, ඇගේ උකුල් අස්ථිය බිඳී යාමත්, පාද දෙකට මැදින් ඉරී යාමත්ය.
තවද, මෙම ස්ත්‍රී දූෂණයට සහ ඝාතනයට ඇගේ හොඳම මිතුරියද සම්බන්ධ වී ඇති අතර ඇය එක් දූෂකයෙකුගේ පෙම්වතිය බවද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ඝාතනයට ලක්වූ වෛද්‍යවරිය සම්මන්ත්රණ ශාලාවේ විවේක ගැනීම සඳහා යවා ඇත්තේද ඇය බව කියැවේ.
09 වැනිදා ඉන්දියාවේ සිදුවූ මේ සිද්ධිය මීට දින කිහිපයකට පෙර තණමල්විල පාසලක දැරියක් පාසලේම මිතුරන් 17 දෙනෙකු අතින් කලක සිට දූෂණය වීමටත් එය පාසලේ ප්‍රධානියා වසන් කිරීමටත් එක හා සමානමය. වාර්තාවලින් හෙළි වන්නේ ශ්‍රී ලංකාවේ සෑම ස්ත්‍රීන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු මොනයම් හෝ කාලයක මොනයම්ම හෝ දූෂණයකට ලක් වී ඇති බවය.
ලොව ඕනෑම තැනක ස්ත්‍රී දූෂණයක් ළමා අපචාරයක් සිදුවන්නේද එහි කැක්කුම සහ භීතිය මුළු මහත් සමාජයටම තදින් දැනිය යුතුමය. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ මෙම සිද්ධිය වානරයාගෙන් පරිණාමව ආ මනසින් උසස් මානවයන් සමූහයක් විසින් හොඳ සිහියෙන් සිදු කළා දැයි සිතීම පවා කොතරම් බිහිසුණුද. එම නිසා ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර සිදුකරන්නන් සඳහා රෝම ලන්දේසි නීතියේ ඇති නීතිප්‍රකාර බලවත් නොවන්නේ නම් ඊට වඩා එහා ගිය දඬුවමක් ඔවුන්ගේ ජීවිතවලට ලබාදිය යුතු බව යෝජනා කරන අප ඔවුන් සඳහා ලබාදිය යුතු හොඳම දඬුවමද යෝජනා කිරීමට නොපැකිලෙනු ඇත. අපේ යෝජනාව වන්නේ ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමට භාවිත වන අවයවය කපා ඉවත් කිරීම වැනි මැදපෙරදිග දඬුවම් ආසියාවටත් ගළපා ගත යුතු බවය.