“බඳුනක රෝපණය කර ඇත” යන අර්ථය ගෙන දෙන බොන්සායි කලාව කියන්නෙ ඉතාම පැරණි ජපන් ජපන් කලා ආකෘතියක්.
උද්‍යාන නිර්මාණයකරණයේ ශිල්පීය ක්‍රම සහ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන බඳුනක පැළයක් රෝපණය කර කාලයත් සමඟ එය සම්පූර්ණ ගසක හැඩය සහ ස්වභාවය ලැබෙන සේ වැඩුණත් ප්‍රමාණයෙන් කුඩා වන සේ වර්ධනය කරවීම බොන්සායි කලාවේදී සිදුවෙනවා.
බොන්සායි පැළයක් දිගු කාලයක් තිස්සේ රැකබලා ගැනීම ඉවසීමේ, වෙහෙස වී වැඩ කිරීමේ සහ වෙනත් දේවල් ගැන සැළකිලිමත් වීමේ වටිනාකම නිර්මාණකරුවාට කියාදෙනවා වගේම බොන්සායි පැළයේ අවසන් සිත් ඇඳගන්නා සුළු පෙනුම නිර්මාණකරුවා විසින් එම පැළයට ආයෝජනය කරන ශක්තිය සහ කාලය පෙන්නුම් කරනු ලබනවා.
මුලින්ම බොන්සායි කිරීමට පැළයක් සහ එම පැළය වගා කරන ශෛලය තෝරාගත යුතු වෙනවා. ඊළඟට ප්‍රවේශමෙන් සහ නිවැරදිව කප්පාදු කර බොන්සායි පැළය වර්ධනය කර යුතු හැඩය සකසා ගැනීම සිදුකර ගත යුතුයි. බොන්සායි වගා කරන බඳුන නිවැරදිව තෝරා ගැනීමත් අතිශයයි. මොකද එම භාජනය බොන්සායි පැළයේ වර්ධනය සහ හැඩය පවත්වා ගැනීමට අතිශයින්ම වැදගත් නිසයි.
එදා මෙදාතුර අලෙවි වූ ලොව මිළ අධිකම බොන්සායි පැළය ඩොලර් මිලියන 1.3 කට අලෙවි වෙලා තියෙනව. බොන්සායි වගාවේ ඉතිහාසය වසර 2000 කට එහා ඈත අතීතයක් දක්වාම විහිද යනවා. ලොව විශාලතම බොන්සායි ප්‍රදර්ශනය ඉන්දියාවේ පැවත්වූ අතර එහි බොන්සායි පැළ 2649 ක් ප්‍රදර්ශනය කරනු ලැබුවා.
අන්තර්ජාලය ඇසුරෙන්
නිපුනි සම්මානි ✍️