අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් දෙල් ගෙඩි 1
- පාන්පිටි ග්‍රෑම් 175
- චොප්කරගත් ලූනු ගෙඩි 1්
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- අබ තේ හැඳි 1
- චොප්කරගත් සුදු බික් 2
- ලුණු ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/4
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- බටර් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා බටර් ස්වල්පයක් දමා මෙල්ට් වෙනකොට අබ ටික දමා අබ පුපුරන විට චොප්කරගත් සුදු ලූනු, අමුමිරිස් හා ලූනු එකතු කරගන්න. ටිකකින් කරපිංචා ටික දාලා කහකුඩු හා ලුණු දමාගන්න.
පසුව තම්බාගත් දෙල් දමා කලවම් කරන්න. ඊළඟට මේ ඩෝ එකට පාන්පිටි ටික ටික එකතු කර අතේ නොඇලෙන ඩෝ එකක් සාදා තරමක බෝල හදලා තෙල් ගාගත් පිඟානක දාලා තුනී කරගන්න. මේක පෑන් එකකට දමා දෙපැත්ත පුළුස්සා ගන්න.