මේ දිනවල අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරෙන “ මන්කිපොක්ස් ” එසේත් නැත්නම් “ වඳුරු උණ ” අවධානයට පත් විය යුතු රෝගයක් බව WHO විසින් මේ වෙන විටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම රෝගය දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් බලපාන අතර මේ වනවිටත් මන්කිපොක්ස් නිසා කොංගෝ ජනරජයේ පුද්ගලයින් 450 ක් පමණ මිය ගොස් තිබෙනවා.
මන්කිපොක්ස් පැතිරෙන කලාප…
2024 වසරේ ජූලි මස 19 වැනි දින කොංගෝ ජනරජයේ “ ගෝමා ” ප්‍රදේශය අසලදී මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබුවා. එහිදී ලබාගත් රුධිර සාම්පල අනුව මෙම රෝග ආසාදිතයන් ගැන තහවුරුවීමක් ලබා ගැනීමට හැකි වුණා. මේ අනුව මධ්‍යම අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර ප්‍රදේශවල පිහිටා තිබෙන කොංගෝ ජනරජයට අයත් වන ගම්මානයන්හි වසර ගණනාවක් පුරාම මන්කිපොක්ස් ආසාදිත රෝගීන් ගැන වාර්තාවන් ලැබී තිබෙන අතර එම සංඛ්‍යාව වසරකට දහස් ගණනකට ආසන්න වෙනවා.
වයස අවුරුදු 15 ට වඩා අඩු දරුවන් මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබෙනවා. මෙහි නව ප්‍රවණතාවය වනුයේ මෙතෙක් මන්කිපොක්ස් රෝගය ගැන වාර්තා නොවුන බුරුන්ඩි, උගන්ඩා සහ කෙන්යාව වැනි රටවලින්ද ආසාදිතයන් වාර්තා වීමයි. ඒ අතරින් සිය ගණනක් මරණයට පත් වෙන බවටත් සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වී තිබෙනවා.
මන්කිපොක්ස් රෝග ලක්ෂණ මොනවාද?
මන්කිපොක්ස් යනු වසූරිය බෝ කරන වෛරසය අයත් කාණ්ඩයේම වෛරසයකින් වැළඳෙන රෝගයක්. නමුත් වාසනාවකට මෙන් මෙම මන්කිපොක්ස් වසූරිය තරමටම භයානක නැහැ. මුල් අවධියේදී මන්කිපොක්ස් රෝගය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වු අතර මේ වනවිට එම රටාව වෙනස් වී තිබෙනවා. දැන් පවතින තත්ත්වය අනුව මෙම රෝගය ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් නීරෝගී පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙනවා.
රෝග ලක්ෂණ
- උණ
- හිසරදය
- කොන්ද වේදනාව
- ඉදිමීම්
- මාංශ පේශි වේදනාව
මෙම ලක්ෂණ සමග පවතින රෝග අපහසුතාවයන් ක්‍රමයෙන් අඩු වන අතර උණ රෝග තත්ත්වයද පහව යනවා. එතැනින් පසුව ඇති වෙන කුෂ්ඨ මුහුණෙන් ආරම්භ වී අත්ල, සහ පාදවලටත් පැතිරී යන ඇත. මෙය කසනසුළුය. ඒ නිසාම රෝගියාට දැඩි අපහසුතාවයක් ඇති වෙනවා. මෙම කුෂ්ඨ විවිධ මුහුණුවර ගනිමින් දින 14-21 ක් වැනි කාලයක් පවතින අතර එය ඉබේටම සුව වෙන තත්ත්වයක්. මුඛය, ලිංග ප්‍රදේශ, ඇස්, වැනි ප්‍රදේශයන්හි තුවාල ඇති වීම අනතුරුදායකයි.
මන්කිපොක්ස් ප්‍රභේද මොනවාද?
මන්කිපොක්ස් රෝගයේ ප්‍රභේද දෙකකි.
Clade 1
Clade 2
දශක ගණනාවක් පුරා කොංගෝ ජනරජ කලාපයෙන් හමු වී ඇති රෝගීන් Clade 1 ප්‍රභේදයට අයත් වේ. දැනට ව්‍යාප්ත වෙන මන්කිපොක්ස් රෝග තත්ත්වයද Clade 1 අයත් වන අතර මෙය දරුවන්ට සහ වැඩිහිටියන්ට ඉතා දරුණු ලෙසින් බලපෑම් ඇති කරනු ලබනවා.2023 වසරේ ආසාදිතයන් Clade 1b ප්‍රභේදයට අයත් බව හඳුනා ගෙන තිබේ.
මේ පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානය දැනටමත් යොමු වී ඇති අතර මෙය ඉතා පහසුවෙන් පැතිරෙන මාරාන්තික තත්ත්වයකට හේතු වෙන බව හඳුනා ගෙන ඇත. අප්‍රිකානු රෝග නිවාරණ සහ පාලනය පිළිබඳ (CDC) මධ්‍යස්ථානය සඳහන් කරන අන්දමට 2024 වසරේ ජනවාරි සිට ජූලි මාසය අවසාන වෙන විට මන්කිපොක්ස් ආසාදිතයන් 14, 500 කට වැඩි පිරිසක් හඳුනා ගෙන ඇති අතර එයින් වාර්තා වෙන මරණ සංඛ්‍යාව 450 ඉක්මවා ඇත. 2023 වසරට සාපේක්ෂව බලන විට ආසාදියන්ගේ වැඩි වීම 160% ක් වන අතර මරණ ප්‍රතිශතයේ වැඩි වීම 19% ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබේ.
2022 වසරේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම…
2022 වසරේදී අප්‍රිකාවේ මහජන සෞඛ්‍ය අංශ විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ අතර මන්කිපොක්ස් රෝග තත්ත්වයේ Clade 2 ප්‍රභේදය මෙයට හේතු විය. මෙය Clade 1 තරමටම දරුණු නැත. ඒ අතර මෙතෙක් මන්කිපොක්ස් වෛරසයේ පැතිරීමක් දක්නට නොතිබුණු යුරෝපය සහ ආසියාවේ රටවල් සිය ගණනකට මෙම වෛරසය ව්‍යාප්ත විය.
මන්කිපොක්ස් පැතිරෙන්නේ කෙසේද…?
මන්කිපොක්ස් ආසාදිත රෝගීයෙකු සමඟ ලිංගිකව හැසිරීම, රෝගියාගේ සම ස්පර්ශවීම, රෝගියා සමඟ සමීපව කතා කිරීම හෝ හුස්ම ගැනීම වැනි සමීප සම්බන්ධතාවයන් පැවැත්වීම ඔස්සේ මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම විවෘත තුවාල, ශ්වසන පද්ධතිය හෝ ඇස්, මුඛය හරහා වෛරසය ශරීරගත විය හැක.
ඊටත් අමතරව ඇඳ ඇතිරිළි, ඇඳුම් පැළඳුම් පොදුවේ පරිහරණය කිරීම සහ රෝගියා ස්පර්ශ කළ ස්ථාන ස්පර්ශ කිරීමෙන්ද වෛරසය පැතිරීමට හැකියාව තිබේ. වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමඟ සමීප සම්බන්ධතාවයන් පැවැත්වීම තවත් හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.
අවදානම් කණ්ඩායම් කවුද…?
සෞඛ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුලු රෝග ලක්ෂණ ඇති අය සමග සමීප සම්බන්ධතාවයන් පැවැත්වීම වෛරසයේ ආසාදිනයට හේතුවක් ලෙස හඳුනා ගෙන තිබේ. විශේෂඥයන්ගේ හඳුනා ගැනීමට අනුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වන දරුවන් වැඩි අවදානමක සිටියි. එමෙන්ම මෙම කලාපයේ දරුවන්ගේ දුර්වල පෝෂණ තත්ත්වය නිසාත් වෛරසය ආසාදිතවීම සමග වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාව අහිමි කරන බව පැවසේ.
විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට කුඩා දරුවන් වඩාත් සමීපව ක්‍රිඩා කිරීම සහ ඔවුන් ක්‍රිඩා කරන ආකාරය නිසාත් අවදානම තවත් වැඩි වී තිබේ. මීට වසර හතළිහකට පමණ පෙරාතුව පටන් වසූරිය වෙනුවෙන් ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත නවතා තිබේ. එයද අද දරුවන්ට අවාසියක් වී ඇත.දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති ඕනෑම පුද්ගලයෙකු මන්කිපොක්ස් රෝග තත්ත්වයට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකිය. ගර්භණී කාන්තාවන්ද මෙම අවදානම් කණ්ඩායමට ඇතුලත් බව පර්යේෂකයන් විසින් පෙන්වාදේ.
මන්කිපොක්ස්වලින් ආරක්ෂා වීමට නම්…
ඔබ මන්කිපොක්ස් ආසාදිතයෙකු සමඟ සමීප සම්බන්ධතාවයන් පැවැත්වීමෙන් වළකින්න. වෛරස කලාපයක ගැවසෙන්නේ නම් සබන් යොදා අත් සෝදන්න. මන්කිපොක්ස් ආසාදිත රෝගීන් ඔවුන්ගේ තුවාල හොඳින් සුව වෙන තෙක් හුදෙකලාව සිටීම ඉතාම වැදගත්. සුවය ලැබූ මන්කිපොක්ස් රෝගියෙකු නම් සති දොළහක් ගත වෙන තෙක් ලිංගිකව එක් වීමේදී ආරක්ෂිත පියවරක් ලෙස උපත් පාලන කොපුවක් භාවිත කරන්න.
තවමත් එන්නතක් නැහැ…
මන්කිපොක්ස් රෝගයට එන්නතක් ඇති නමුත් එය අවදානමට ලක්ව ඇති හෝ ආසාදිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතාවයන් පවත්වන පුද්ගලයන්ට සිමා වී තිබේ. එම එන්නත වුවත් විධිමත් ලෙසින් අනුමත කර නොමැත. හැම දෙනෙකුටම මන්කිපොක්ස් වෙරසයෙන් ආරක්ෂාවීම වෙනුවෙන් එන්නත් ලබාදීමට නම් විශාලවශයෙන් ප්‍රතිපාදන අවශ්‍ය වේ.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️