“කාන්තාව වෙනුවෙන් ආයෝජනය කරන්න. ප්‍රගතිය වේගවත් කරන්න.” මෙයයි 2024 ලෝක කාන්තා දිනයේ තේමාව වුණේ. එය මුල් කරගෙන ලංකාවෙත් විවිධ වැඩමුළු, වැඩසටහන් බොහෝමයක් සිදුවුණා. එවන් කාන්තාවගේ ඡන්දයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු නොකරන තරම්. මොකද සාමාන්‍ය සමාජය තුළ දුර්මතයක් තමයි කාන්තාව කියන්නේ නිවසටම කොටුවුණු තැනැත්තියක් කියන එක.
ලෝකයක් නිර්මාණය කරන්නේ ගැහැණියක්. ලොවක් ලස්සන කරන්නෙත් ගැහැණියක්. නමුත් ලස්සන ලෝකේ පාලනයට බහුතරයක් සම්බන්ධ වන්නේ පුරුෂයින්. ඒ කාන්තාවන්ගේ බහුතරයේ ඡන්දයත් අරගෙනග කාන්තාව තම ඡන්දය වර්ජනය කළොත් මොකද වෙන්නේ. වෙන රටවල්වල කාන්තාවන් සඳහා ඡන්ද කෝටා ක්‍රමයක් හඳුන්වා දෙමින් ඇයට ද දේශපාලන ආයතනවලට සම්බන්ධවෙන්න ඉඩකඩ විවෘත කරනවා.
නමුත් ලංකාවේ 25% ක ඡන්ද කෝටාවත් ප්‍රයෝගික නෑ. ලංකාවේ කාන්තාවන් 52% ක් සිටියත් වගකිව යුතු දේශපාලන ආයතනයන්හි කාන්තා නියෝජනය සීමාවෙලා. බලන්න පාර්ලිමේන්තුවේ 225 න් කාන්තා නියෝජනය වන්නේ 5% යි. පළාත් සභාවන්හි 0% යි. පළාත් පාලන ආයතනවල 2% ට ආසන්නයි.
ලෝකයේ පළමුවන අගමැතිනිය බිහිවන්නේ ලංකාවෙන්, මෙතෙක් පැවැති ජනාධිපතිවරණයන්හි වැඩිම ඡන්ද ප්‍රතිශතයක් (62%) වාර්තා කළේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියයි. නවසීලන්තයේ අගමැති ජසින්ඩා ලොව ළාබලම නායිකාව වුණා. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, එංගලන්තයේ මාග්‍රට් තැචර්, ලෝකයේ අවධානයට පාත්‍ර වූ කාන්තාවන්. අභ්‍යවකාශ තරණයන්ට මුල්වූයේ කාන්තාවන්. ඉතින් එහෙනම් කාන්තාව පිරිමියාට දෙවෙනි ලෙස සිතීම ගැටළුවක්.
පිරිමින්ට කළ හැකි සෑම දෙයක්ම පායේ කාන්තාවන්ට කළ හැකි මුත් ඇය ඉන්නේ බිත්ති හතරකින් වට වූ කාමරයක් තුළයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සංස්කෘතිය, දේශපාලන නියෝජනය, ඡන්ද චර්යාව, පවුල් පරිසරය හේතූවෙන් කාන්තාවන් දේශපාලනයෙන් ඈත් වෙනවා. ඒ නිසා දේශපාලනයට එන්න අපහසු වුණත් එයට බලපෑම් කිරිමට පිරිමියාට වඩා කාන්තාවට පුළුවන්.
හැබැයි ඒක තේරුම් නොගැනීමයි ප්රශ්නය. බලන්න දේශපාලන වේදිකාවල පුටුවල පුරුෂයන්ට වඩා ඉන්නේ කාන්තාවන්. සමාජ අසරණභාවයෙන් පෙලුණු, පුරුෂාධිපත්‍ය සමාජයක දැවෙන සමාජ ඛේදවාචකය මෙයයි. සෑම දිස්ත්‍රික්කයම, පළාතක වැඩපුර ඉන්නේ කාන්තාව නම්, ඇයි කාන්තාවන් කාන්තාවටම ඡන්දය නොදෙන්නේ. ඒ නිසා සෑම මැතිවරණයකදීම තීරණාත්මක ඡන්දය බවට කාන්තා ඡන්දය පත්වීමත් ඉතා වැදගත් කියලයි හිතෙන්නේ.
කේ. බී. සී- මධුෂාන් සහාය කථිකාචාර්ය
දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය,
මානවශාස්ත්ර හා සමාජීය විද්‍යාපීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය