මේ දවස්වල ජාතික රූපවාහිනීයේ විකාශනය වන “කිරිල්ලියෝ 2 ” ගැනයි විස්තර අරන් ආවේ. Ode to joy ලෙස 2016 චීනයේ විකාශනය වුණ මේ කතා මාලාව ලංකාව තුළ “කිරිල්ලියෝ” නමින් 2018 වසරේදී හඬකවා පෙන්වන ලදි. මේ දිනවල විකාශනය කරනු ලබන්නෙ එහි දෙවනි කොටස “ කිරිල්ලියෝ 2” යි.
මේ කිරිල්ලියෝ කතා මාලාවට පාදක වෙලා තියෙන්නෙ කලබලකාරී කාර්ය බහුල ෂැංහයි නගරය තුළ ඉගෙන ගනිමින්, රැකියාව කරමින් ජීවිත අරගලයේ යෙදෙන කෙල්ලො පස්දෙනෙක්.ආදරය, සහෝදරත්වය, අවංකම, එකමුතුකම, ගැළපීම් හා නොගැළපීම්, සමාජයේ ගැටුම්වලට ඔවුන් නොබියව මූණ දෙන ආකාරය, විවිධත්වයෙන් යුතු අදහස්වලින් පෝෂණය වුණ යෞවනියන් 5 දෙනෙකුගේ ආදණීය කතාවක්.
මිනිස්සූ එක්ක ජීවත් වෙන විදිහ,දෙමාපියන්ගේ ආදරේ, රැකවරණය, නොයෙක් හැලහැප්පීම් මැද ජීවිතේ ගැන ඔවුන් දකින ආකාරය, ඔවුන් විඳින ආකාරය ඇත්තටම ආදර්ශවත් කතාවක්.තවත් ආරංචියක් වෙන්නේ ධාැ එද වදහ කතා මාලාවේ තුන්වන කොටස 2022 දි චීනයේ විකාශනය කර ඇති අතර නළු නිළියන්ගෙ වෙනස්වීමක් සිදුකර තියෙනවා.
නිපුනි සම්මානි ✍️