අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩිකරගත් අල ගෙඩි 2
- ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 1
- බිස්කට් කුඩු මේස හැඳි 1
- කෝන් පිටි තේ හැඳි 1
- රස අනුව ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
ඉහත සියළුම ද්‍රව්‍ය භාජනයකට දමා හොඳින් කලවම් කර වසාගෙන පැය බාගයක් පමණ ශීතකරණයක තියන්න. ඉන් පස්සෙ පිටි ඉසගත් ලෑල්ලක මිශ්‍රණය තුනී කරගෙන පොඩි අච්චුවකින් රවුම් කපාගන්න. බීම බටේකින් ඇසුත්, හැන්දකින් කටත් ඇඳගෙන ස්මයිලි ෆෙස් එකක හැඩය හදාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න.