අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක කෑලි කපාගත් අල ගෙඩි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- මිරිස්කුඩු ස්වල්පයක්
- කොත්තමල්ලි කුඩු ස්වල්පයක්
- අවශ්‍ය පමණට තෙල්
සාදාගන්නා ආකාරය
අල ටික සීතල වතුරේ විනාඩි 5 ක් පමණ තියා වතුර පෙරා ගන්න. පසුව රන්වන්පාට වෙනකල් බැදගන්න. බැදගත් අලවලට මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න.