අද අපි ඔයාලට කියන්න හදන්නේ Horror – Comedy ගණයට අයිති ඉන්දියන් චිත්‍රපටයක් වෙන “MUNJYA ” ගැන. තිරගත කර දින 15 ක් අවසානයේ ඉන්දියාව තුළ පමණක් ඉන්දියන් රුපියල් කෝටි 74.31 ක Box Office ආදායමක් ලබා ගැනීමට Abhay Verma,Sharvari Wagh, Mona Singh සහ Sathyaraj ප්‍රධාන රංගනයෙන් දායක වූ Munjya හින්දි චිත්‍රපටය සමත් වී තියෙනවා. ඉන්දියාවේ පළවෙනි CGI Actor (Munjya) ඉන්නෙත් මේ ෆිල්ම් එකේ කියලා සඳහන් වෙනවා. මේ චිත්‍රපටයේ අධ්යක්ෂ අමර් කෞෂීක්.
මේ චිත්‍රපටයට පාදක කරගනු ලබන්නේ ඉන්දියාවේ පැවත එන බ්රහ්මීය කුලය වටා ඇති මිථ්‍යා විශ්වාසයකින්. බ්රාහ්මීය කුල පුරුෂයින් උඩුකයට නූලක් දාගෙනනේ ඉන්නෙ. මේ නූල දාන්නෙත් බ්‍රහ්ම පිරිමි ළමයෙක්ට වයස අවුරුදු 8-13 වෙනකොට. චාරිත්‍රයක් සිද්ධ කරලා, චාරිත්‍රයට අනුව මේ උඩුකය පූජනීය නූල දාන්නේ.
ඊටපස්සෙ ඒ පිරිමි ළමයා බ්රහ්මත්වයට පත්වෙනවා. ඒ කියන්නේ ගයාත්‍රි මන්ත්‍රය කියවීමට සුදුසුකම් ලබනවා කියලයි බ්රාහ්මීය කුලය පිළිගන්නේ. හැබැයි මෙහෙම සුදුසුකම් ලබන පිරිමි ළමයා මේ නූල දාල දවස් දහයක් වෙනකම් ප්‍රවේශම් වෙන්න ඕන. හදිසියේ හරි මේ පිරිමි ළමයා ඒ දවස් 10 ඇතුළත මියගියහොත් මුන්ජා කියන අවතාරය බවට පත් වෙනවා කියලයි විශ්වාස කරන්නේ. මේ “MUNJYA”” කියන චිත්‍රපටිය ගෙතිල තියෙන්නේ මෙම මිථ්‍යා කතාව වටා.වෙනස්ම විදියේ ඉන්දියන් Horror – Comedy එකක් විදිහට අපිට “MUNJYA” දැකබලා ගන්න පුළුවන්.
නිපුනි සම්මානි