අවශ්‍ය ද්‍රව්‍ය
- කැකුළු හාල් පිටි ග්‍රෑම් 150
- පිටි ග්‍රෑම් 100
- කඩල පිටි ග්‍රෑම් 50
- සීනි ග්‍රෑම් 150
- බේකින් පවුඩර් තේ හැඳි 2
- රතු, කොළ සහ තැඹිලි කලරින්
- වතුර
- ගි තෙල්
සාදාගන්නා ආකාරය
පළමුව සීනි හා වතුර එකතු කර පෑන් එකක් ළිප තබා උණු කරගන්න.අවශ්‍යනම් එයට දොඩම් ලෙලි හෝ රෝස වතුර වැනි කැමති රසකාරකයක් එක් කර ගන්න. එවිට රස වෙනස් වේ. කැකුළු හාල් පිටි, පිටි, කඩල පිටි සහ බේකින් පවුඩර් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් එයට වතුර ටික ටික දමමින් ගොඩාක් ඝනකම් නොවන ලෙසත් ගොඩාක් සිනිඳු නොවන ලෙසත් වතුර දමමින් හොඳින් මිශ්‍ර කර ගන්න.
දැන් මෙය කොටස් 3කට බෙදා වෙන් කර ගන්න. එම කොටස්වලට වෙනස් වර්ණක එක් කරගන්න. දැන් ගි තෙල් භාඡනයකට දමා ළිප තබා එයට හිල් සහිත හැන්දකින බූන්දි මිශ්‍රණයෙන් දමමින් බැද ගන්න. ඉන්පසු එය සීනි සිරප් එකට දමා ගෙන වෙනත් භාඡනයකට ඉවත් කර ගන්න.