අවශ්‍ය ද්‍රව්‍ය
- ඇඹරැල්ලා ගෙඩි 10
- සීනි කෝප්ප 1
- තලාගත් කරදමුංගු ඇට 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඇඹරැල්ලා ගෙඩි ටික සුද්ද කර ගෑරැප්පුවකින් ඇන සිදුරු කරගන්න. ඉන්පසුව කෑළි කපාගන්න. පසුව ඇඹරැල්ලා ගෙඩි වැහෙන ගාණට වතුර දාමා තම්බාගන්න. ඇඹරැල්ලා තැම්බීගෙන එනවිට සීනි, ලුණු හා කරදමුංගු එකතු දමා මද ගින්නෙ පිසගන්න. විටින් විට කලවම් කරගන්න. ඇඹරැල්ලා රන්වන් පාට වෙනකල් පිසගෙන ළිපෙන් ඉවත් කරගන්න.