සමහර කටුස්සො තමන්ගෙ කරේ රත්තරන් බැඳගත්තට රත්තරන්වල නියම වටිනාකම දන්න මිනිස්සු රත්තරන් භාණ්ඩ හදද්දි ඉවත් වෙන රත්තරන් කුඩුවත් අහක දාන්නෙ නෑ. ඔය අහක දාන රත්තරන් කුඩුවලින්ලුනෙ අපේ නෝනලා මනමාලියක් වෙන්න ඉද්දි කරන ගෝල්ඩ් ෆේෂල් එක එහෙම හදන්නෙ. හැබැයි ඒ නියම ගෝල්ඩ් ෆේෂල්. මේ රත්තරන් ද්‍රාවණයේ ආරම්භය ඊජිප්තු ශිෂ්ඨාචාරය දක්වාම දිව යනවා. මුලින්ම තමන්ගේ රූ සපුව ලස්සන කරගන්න රත්තරන් කුඩු වගේම මුතු කුඩුත් පාවිච්චි කළා කියලා කියන්නෙ ලෝක ඉතිහාසයේ සුරූපී රැජිනක් විදිහට හැඳින්වෙන ක්ලියෝපැට්රා. ඒත් ඉතිහාසයේ එහෙම සඳහන් වෙන තරමට ක්ලියෝපැට්රා ඔය කියන තරම් ලස්සන නෑ කියලත් සඳහන් වෙනවා. කොහොමවුණත් ඒ කාලේ රත්තරන් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම රත්තරන් ශරීරයේ ආලේප කරගත්තේ නිලයෙන්, වංශයෙන් ගොඩක් උසස් උදවිය. ක්ලියෝපැට්රා මේක්අප් කරද්දි එහෙමත් ඇස් හා තොල් වටේ මේ රත්තරන් ද්‍රාවණය ආලේප කළ බව කියවෙනවා.
ගෝල්ඩ් ෆේෂල් කරන්න ගන්නෙ මොනවද?
වර්තමානයේනම් බහුලව පවතින්නේ බ්ලීචින් දාලා කරන ගෝල්ඩ් ෆේෂල්. නමුත් හරිම ගෝල්ඩ් ඉතාම ගණන් ද්‍රාවණයක්. රත්තරන් සාප්පුවල භාණ්ඩ හදද්දි ඉවත් වෙන ගෝල්ඩ් ඩස්ට් එක තමයි ගොඩක් වෙලාවට මේක කරන්න ගන්නේ. රත්තරන් නිෂ්පාදනය කරන තැන්වල මේ ගෝල්ඩ් ඩස්ට් එක ශීට් එකකට එකතු කරනවා. ඒකට Hyaluronic ඇසිඩ්, විටමින් C වගේ සංඝටක එකතු කරලයි ගෝල්ඩ් ෆේෂල් එක හදන්නේ.
ගෝල්ඩ් ෆේෂල් කරන්නේ මනමාලියන්ට විතරද?
නෑ. අපේ රටේ මේ සත්කාරය කරන්නේ මනමාලියන්ට කියලා සමහරු හිතන් හිටියත් ඒක වෙළඳ උපක්‍රමයක් විතරයි. යුරෝපයේ ගෝල්ඩ් ෆේෂල් කරන්නේ වයස්ගත අයට කිව්වොත් ඔයාලා පුදුම වෙයි. මොකද මේ සත්කාරයෙන් විශේෂයෙන්ම වෙන්නේ සමට තෙතමනය මුදා හැරීමක්. අපේ රටේ සහ ඉන්දියාවේ අය තමයි මේ ගෝල්ඩ් ෆේෂල් එක මනාලියන්ට විශේෂ කරලා තියෙන්නේ. මනමාලියන්ට විශේෂයි කියලා නියම ගෝල්ඩ් ෆේෂල් එක වෙනස් විදිහට හදන අයත් ඉන්නවා. නමුත් වියළි සමක් ඇති ඕනම කෙනෙක්ට තමයි ගෝල්ඩ් ෆේෂල් එක තියෙන්නේ.
මේ සත්කාරය කොච්චර දවසකට සෑහෙනවද?
සාමාන්‍යයෙන් ඕනම ෆේෂල් එකක් නිර්දේශ කරන්නේ දවස් 28 ක් වගේ කාලයක්. නමුත් අපි හිතමුකො පිග්මන්ටේෂන් හෝ අධි වියළි සමක් සහිත කෙනෙක් නම් ගෝල්ඩ් ටී්රට්මන්ට් එකක් සති දෙකෙන් දෙකට වාර හයක් කරලා ප්‍රතිපල ලබාගන්න පුළුවන්. වාර හයක් මේ විදිහට කළාට පස්සේ වෙනත් ඕනම ටී්රට්මන්ට් එකක් කළාට ගැටලුවක් නෑ. එහෙමත් නැත්නම් ගෝල්ඩ් ටී්රට්මන්ට් එකම කලින් කියපු විදිහට වාර හයක් කළාට පස්සේ මසකට වරක් කිරීම ප්‍රමාණවත්.
ගෝල්ඩ් ටී්රට්මන්ට් එක ගැළපෙන්නෙ මුහුණට විතරද?
මුහුණට විතරක් නෙවෙයි. අත්, කකුල්වලටත් ගෝල්ඩ් ටී්රට්මන්ට් එක කරන්න පුළුවන්. නමුත් මේක තරමක් මිල අධික ෆේෂල් එකක් බව මුලිනුත් කිව්වනෙ. ඒ නිසා මුළු ශරීරයටම කරනවනම් වියදම් වෙන මුදල වැඩියි. ඒ වගේම මේක ගෑනු උදවිය අතරේ ප්‍රසිද්ධ ටී්රට්මන්ට් එකක් වුණත් ගෑනු පිරිමි බේදයක් නැතුව කරගන්න පුළුවන් සත්කාරයක් බවත් මතක් කරන්නම ඕනෙ.
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin care with Maliynga)
එරංදි කෞශල්‍යා ✍️