අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පෙති 8
- බටර් ග්රැම් 150
- චෙඩාර් චීස් ග්රැම් 100
- සුදු ලූනු ගෙඩි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සුදුලූනු ගෙඩියක් ගෙන හොඳින් සුද්ද කර පොඩි ෆොයිල් කොළ කෑල්ලක් ගෙන එයට සුදුලූනු ගෙඩිය තියා පොල්තෙල් හෝ ඔලීව් තෙල් තේ හැඳි දෙකක් පමණ එකතුකර අවන් එකේ විනාඩි 8 ක් පමණ බේක් කරගන්න.
දැන් භාජනයක් ගෙන එයට බේක් කරගත් සුදුලූනු ටික දමා එයටම බටර්, ලුණු එකතුකර හොඳින් කලවම් කරගන්න. සුදුලූනු හොඳින් ක්‍රීම් එකක් වනතෙක් හොඳින් කලවම් කරගන්න. දැන් මෙම ගාලික් බටර් මිශ්‍රණය පාන් පෙතිවල දවටා අඩු ගින්දරේ පෑන් එකක දෙපැත්ත පුළුස්සා ගන්න. එක පැත්තක් රත් වූ පසු ඒ පැත්තට චීස් එකතුකර චීස් ටික මෙල්ට් කරගන්න.