අවශ්‍ය ද්‍රව්‍ය
- අල ග්‍රෑම් 250
- කොටු හැඩයට කපාගත් චෙඩාර් චීස් ග්‍රෑම් 100
- සුදූලූනු පවුඩර් තේ හැඳි 1/2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- කෝන් පිටි
- පාන් කුඩු
- බිත්තර 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අල ටික තම්බා හොඳින් පොඩි කරගන්න. එයටම ගම්මිරිස්කුඩු, සුදුලුනු පවුඩර්, කෝන් පිටි මේස හැඳි එකක් සහ ලුණු එකතුකර මෝලියක් ලෙස අනාගන්න. අලවලින් කුඩා ප්‍රමාණයේ බෝල සාදා ඒ තුළට චීස් කෑල්ලක් එකතුකර නැවත රවුම් කර බෝල සදාගන්න. දැන් මේ අල බෝල බිත්තර සාරුවල සහ පාන්කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.