අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු මාළු මිරිස් කරල් 6
- තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 150
- පොඩි කරගත් සැමන් ග්‍රෑම් 200
- චොප් කරගත් ලොකු ලූනු ගෙඩි 1
- චොප් කරගත් අමුමිරිස් කරල් 3
- තලාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 1
- සිහින්ව කපාගත් කපාගත් කරපිංචා
- තලාගත් එනසාල් ඇට 5
- සූදුරු තේ හැඳි 1
- කහකුඩු තේහැඳි 1/2
- මිරිස්කුඩු තේහැඳි 2
- ගම්මිරිස්කුඩු මේසහැඳි 1 1/2
- කෑලිමිරිස් මේසහැඳි 1
- රස අනුව ලුණු
- බිත්තර 4
- පාන්කුඩු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
මාළු මිරිස් ටික හොඳින් සෝදා වෙන් නොවන ලෙස මැදින් කපා ඇතුළත ඇති මිරිස් ඇට ටික ඉවත් කරගන්න. භාජනයක් ළිප තබා රත්වන විට එයට පොල්තෙල් මේස හැඳි 3 ක් එකතුකර තෙල් රත්වන විට තලාගත් ඉඟුරු සුදු ලූනු සහ කරපිංචා එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න.
ඉන්පසු එයට කපාගත් ලූනු, පොඩිකරගත් අල සහ සැමන් එකතුකර හොඳින් කලවම් කරගනිමින් තෙම්පරාදු කරගන්න. ඊලඟට කහකුඩු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, කෑළිමිරිස්, අමුතුනපහ සහ ලුණු එකතුකර මිශ්‍රණය හොඳින් කලවම් කරගනිමින් විනාඩි තුනක් පමණ ළිපේ තබාගන්න. දැන් මෙම මාළු මිශ්‍රණය පොඩි හැන්දකින් මාළු මිරිස් කරල් ඇතුළට පුරවාගන්න. පුරවාගත් මාළු මිරිස් බිත්තර සාරුවල දවටා පාන්කුඩුවල තවලා ගැඹුරු තෙලේ රන්වන් පාට වනකල් බැදගන්න.