නින්දේදි හුස්ම හිරවීම නිසා ඇතිවන Obstructive Sleep Apnea (OSA) රෝග තත්ත්වය ගැන ඒ පුද්ගලයාවත් නොදන්නා තරමටම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති තරම්. අපි නින්දේදී හුස්ම ගන්නවා. මේ හුස්ම මුඛයේ සිට පෙනහලු දක්වා ගමන් කරනවා. මේ ගමන්මාර්ගය අවහිර වුණාම ඔක්සිජන් ලැබීම අඩපණවීම නිසා මොළය විසින් පණිවිඩ ලැබෙනවා. එවිට පුද්ගලයාගේ නින්දට බාධා ඇති වී අවදි වෙනවා. Obstructive Sleep Apnea හෙවත් නින්දේදී හුස්ම හිරවීම කෙටිකාලීනව වගේම දිගුකාලීනව අපට බලපාන රෝග තත්ත්වයක්.
OSA රෝග ලක්ෂණ සහ අවදානම් සාධක
■ ස්ථුල බව සහ අධික බර
■ ස්ථුල පුද්ගලයන්ගේ බෙල්ල, දිව හා උගුර ආශ්‍රිත මේද පටක වැඩි නිසා නින්දේදී ඔවුන්ගේ ඉහළ ශ්වසන මාර්ගය අවහිරවීම වැඩියි.
■ ඝෝෂාකාරී ගෙරවීම.
■ බෙල්ලේ ප්‍රමාණය.
■ පිරිමියකුගේ නම් බෙල්ලේ වටප්‍රමාණය අගල් 17 ට වැඩි වීම සහ කාන්තාවකගේ නම් අඟල් 16 ට වැඩි වීම.
■ වයස සහ ස්ත්‍රී පුරුෂ බව
■ පිරිමින් තුළ මෙම රෝග තත්ත්වය බහුලව දක්නට ලැබේ.
■ පවුල් ඉතිහාසය.
■ මත්පැන් සහ දුම්පානය.
හෘද වාහිනී සංකුලතා හා අධිරුධිර පීඩනය (අධි රුධිර පීඩනය)
නින්දේදී ඔක්සිජන් මටට්ම අඩුවීම නැවත නැවත සිදුවන නිසා රුධිර පීඩනය ඉහළ නංවන ආතති (Stress) හෝර්මෝනය ශරීරයට මුදා හැරෙනවා. මේ තත්ත්වය කාලයක් පුරා නිරන්තරව ඇතිවන විට නිදන්ගත අධි රුධිර පීඩන තත්ත්වය ඇතිවීමට පුළුවන්
හෘද රෝග
Obstructive Sleep Apnea තත්ත්වය කිරීටක ධමනී රෝග, හෘදයාබාධ සහ හෘද රෝග සංකුලතාවන්ට කෙළින්ම සම්බන්ධ වනවා. දුර්වල ඔක්සිජන්කරණය නිසා හදවතේ ඇතිවන ආතතිය හෘදයේ ව්‍යුහාත්මක සහ ක්‍රියාකාරී වෙනස්කම් ඇතිකරනවා.
ආඝාතය
OSA රෝග තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් ආඝාත අවදානම වැඩි කරයි. අධිරුධිර පීඩනය හා ඔක්සිජන් ඌනතාවයේ සංයෝජනය රුධිර කැටි ගැසීමට දායක වන අතර එමගින් මොළයට රුධිර ප්‍රවාහය අවහිර කළ හැකිය.
Arhythmias
OSA නිසා අසාමාන්‍ය හෘද රිද්ම (අරිද්මියා ) ඇති කළ හැක එනම් Atrial fibrillation තත්ත්වය ඇතිවේ. එය ආඝාතය සහ අනෙකුත් හෘද වාහිනී ගැටලු ඇතිවීමේ අවදානම තවදුරටත් වැඩි කරයි.
දිවා කාලයේ තෙහෙට්ටුව සහ නිදිමත
OSA හුස්ම ගැනීමේ බාධාවන් නිසා නිතර නිතර අවදිවීම සිදුවනවා. මේ නිසා නින්ද කැඩෙනවා. මේ තත්ත්වයට ප්‍රතිකාර නොගත් විට දිවා කාලයේ අධික නිදිමත ඇතිවනවා.
අනතුරු වැඩිවීමේ අවදානම
පුද්ගලයාගේ ප්‍රතික්‍රියා මන්දගාමී වන අතර එය සීරුවෙන් අඩුවීම නිසා නිදිමත ගතියෙන් රිය පැදවීම විශේෂයෙන් රිය අනතුරු ඇතිවීමේ අවදානම වැඩි කරනවා.
සංජානන දුර්වලතා
OSA හේතුවෙන් නින්ද දුර්වල වෙනවා.
මතක ගැටලු
අවධානය යොමුකිරීමේ සහ තීරණ ගැනීමේ දුෂ්කරතා සහ සමස්ත සංජානන ක්‍රියාකාරීත්වය අඩුවිය හැක. මේ නිසා වැඩ කාර්යසාධනය, ඉගෙනීම සහ දෛනික කාර්යයන් කෙරෙහි බලපෑම් ඇතිවනවා.
මනෝ ආබාධ
මානසික අවපීඩනය, කාංසාව, නුරුස්නා බව OSA ඇති පුද්ගලයන් තුළ බහුලව දක්නට ලැබෙනවා. නින්දේ බාධා මොළයේ රසායන විද්‍යාවට සහ චිත්තවේගී නියාමනයට බලපානවා.
පරිවෘත්තිය ආබාධ
ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ දෙවන වර්ගයේ දියවැඩියා රෝග OSA තත්ත්වය ඉන්සියුලින් ප්‍රතිරෝධය සමග සම්බන්ධතාවයක් දක්වනවා. මේ නිසා ගුණාත්මක නින්දක් නොමැති වීම රුධිරයේ සීනි නියාමනය කිරීමට ශරීරයට ඇති හැකියාවට බලපානවා.
බර වැඩිවීම සහ තරබාරුව
Sleep Apnea කුසගින්න සහ පරිවෘත්තිය පාලනය කරන ලෙප්ටින් සහ Ghrelin වැනි හෝර්මෝන කඩාකප්පල් කරනවා. ඒ නිසා ආහාර රුචිය වැඩිම සහ බර වැඩිවීමට බලපානවා.
මරණ අවදානම වැඩි වීම
ප්‍රතිකාර නොකළ OSA විශේෂයෙන් හෘදවාහිනී සහ පරිවෘත්තිය සංකුලතා හේතුවෙන් මුල් මරණ අවදානම සැලකිය යුතු ප්‍රමාණයෙන් ඉහළ නංවයි. දරුණු OSA ඇති පුද්ගලයන් හෘදයාබාධ සහ ආඝාත වැනි මාරාන්තික සිදුවීම්වලට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබෙනවා.
ශල්‍යකර්ම සහ ඖෂධ සංකුලතා
ශල්‍යකර්මයකදී සංකුලතාවයන් ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඒ ඇයි කිවහොත් නිර්වින්දනය සහ සන්සුන් වීම හුස්ම ගැනීමේ ගැටලු තවදුරටත් නරක අතට හැරවිය හැකියි. ප්‍රතිකාර නොකළ OSA සහිත පුද්ගලයන් ශල්‍යකර්මයෙන් පසු ශ්වසන සංකුලතාවලට ගොදුරු වේ.ඇතැම් ඖෂධ විශේෂයෙන් ‘ඔපියොයිඩ්’ ශ්වසන මාර්ගයේ මාංශ පේශි තවදුරටත් ලිහිල් කිරීමෙන් OSA තත්ත්වය නරක අතට හැරෙනවා.
අක්මා ගැටලු
අසාමාන්‍ය අක්මා ක්‍රියාකාරීත්වයට සහ මේද අක්මා රෝග (මත්පැන් නොවන මේද අක්මා රෝග) සමග සම්බන්ධ වේ. වෙනත් අක්මා රෝග (අවදානම් සාධක නොමැතිව) සහිත පුද්ගලයන් බොහෝ විට අක්මාවේ දැවිල්ල සහ කැළැල් (ෆයිබ්‍රෝසිස්) පෙන්නුම් කරනවා.
සම්බන්ධතා මත බලපෑම
අධික ගෙරවීම සහ හුස්ම හිරවීම වැනි ශබ්ද නිසා ඇඳ සහකරුගේ නින්දට බාධා ඇති කරනවා. එය ඔවුන්ගේ සබඳතාවන්ට ගැටලු ඇතිකරන නිසා මෙවැනි අඹු සැමියන් වෙන් වෙන් කාමරවල නිදාගැනීමට පෙලඹෙනවා.මීට අමතරව OSA රෝගීන්ගේ මනෝභාවය වෙනස්වීම සහ තෙහෙට්ටුව පවුල් සබඳතා අවුල් කළ හැක.
OSA නිසා වෙනත් රෝගී තත්ත්වයන් නරක අතට හැරීම
මේ මගින් ඇදුම නිදන්ගත බාධාකාරී පුප්ඵුෂීය රෝග (COPD) සහ නිදන්ගත හිසරදය වැනි පවතින සෞඛ්‍ය අපහසුතාවයන් තවත් උත්සන්න වෙනවා.
ජීවිතයේ ගුණාත්මක බව අඩුවීම
ප්‍රතිකාර නොකළ නිසා නිදන්ගත තෙහෙට්ටුව, දුර්වල මානසික හා බරපතළ ශාරීරික ගැටලු ඇතිවීමේ අවදානම තවත් වැඩි කරනවා. ඒ නිසා දෛනික ක්‍රියාකාරකම් අඩපණ වී ජීවිතයේ ඵලදායිතාවය පවා අඩු වන බැව් සඳහන් කළ යුතුයි.
වෛද්‍යවරයකු හමුවිය යුත්තේ…
මෙම රෝග ලක්ෂණ නිරන්තරව ඇති වන්නේ නම් දිවා කාලයේදී අධික තහෙට්ටුවක් දැනේ නම් සෞඛ්‍ය සේවා වෘත්තිකයකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්. ඔවුන් නින්දේ Apnea නිර්ණය කිරීම සඳහා අධ්‍යයනයන් (Polysomonography) නිර්දේශ කරනු ඇත.
ඔබ රෝග තත්ත්වයෙන් පසුවන බැව් ඔබට හඳුනාගත නොහැක. එබැවින් විධිමත් රෝග විනිශ්චය ඉතා වැදගත්. ඒ අතර බර අඩුකර ගැනීමට වහා කටයුතු කරන්න. නිසි ව්‍යායාම, ආහාර පාලනය ඉතා වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා