අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 200
- බටර් ග්‍රෑම් 100
- සීනි මේස හැඳි 1
- ලුණු ස්වල්පයක්
- ඊස්ට් ග්‍රෑම් 4
- ස්පයිසස් තේ හැඳි 1/4
- කිරි මේස හැඳි 2
- බිත්තර 1
- චොප්කරගත් වෝල්නට්ස් මේස හැඳි 1
- රේසින් ග්‍රෑම් 50
- මික්ස් ෆෘට් මේස හැඳි 1
- කුඩුකරගත් සීනි හෝ අයිසින් ශුගර් කෝප්ප 1
සාදාගන්නා ආකාරය
බෝල් එකකට පාන්පිටි, සීනි, ලුණු, බටර්, යීස්ට්, ස්පයිසස්, කිරි හා බිත්තරය දමා හොඳට අනාගන්න. පිටි ඉසගත් ලෑල්ලකට දමා හොඳින් නීඩ් කරගන්න. පිටි අත්ලෙන් තද කරමින් අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. ඩෝ එක රෝලින් පින් එකෙන් තුනී කරලා රේසින්, මික්ස්ෆෘට් හා වෝල්නට්ස් ටික දාලා තවත් හොඳට නීඩ් කරන්න.
හොඳට වහලා පැයක් තියන්න. දැන් මේක බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකක තියලා සෙල්සියස් අංශක 170 ක උෂ්ණත්වය යටතේ විනාඩි 40 ක් පමණ බේක් කරගන්න. උඩින් මෙල්ට් කරගත් බටර් ටිකක් ගාගන්න. ඊළඟට කුඩුකරගත් සීනි හොඳට තවරගන්න.