අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි පළතුරු කෝප්ප 1
- කෝල්ඩ් බ්ලැක් ටී කෝප්ප 1 1/4
- සීනි ග්‍රෑම් 130
- පාන්පිටි කෝප්ප 1 1/2
- මික්ස් ස්පයිසස් තේ හැඳි 1/2
- බිත්තර 1
- උණුකරගත් පැණි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
වියළි පලතුරු කෑලි කපාගන්න. මේකට බ්ලැක් ටී දාලා හොඳට කලවම් කරලා රැයක් තියන්න. පසුව මේකට සීනි ටික දාගන්න. ඊළඟට මේකට පැණි හැර අනික් සියල්ලම දාලා හොඳට කලවම් කරගන්න.දැන් බටර් ගාගත් බ්‍රෙඩ් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 170ට පැයක් වගේ බේක් කරගන්න. බේක් වුණාට පස්සෙ පැණි ටික උඩින් බ්‍රශ් කරගන්න.