අවශ්‍ය ද්‍රව්‍ය
- මල්ගෝවා 1
- ලූනු ගෙඩි 2
- තක්කාලි ගෙඩි 2
- මාළු මිරිස් කරල් 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- ලුණු සහ දෙහි අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
මල්ගෝවා ගෙඩිය අතින් කුඩා කැබලිවලට කඩාගන්න. ඉන්පසු ලුණු මිශ්‍ර වතුරේ විනාඩි 10 ක් පමණ බහා තබා සෝදාගන්න. පසුව ලුණු සහ කහ ස්වල්පයක් එකතු කොට තම්බාගන්න. වෙනම භාජනයකට ලූනු, තක්කාලි සහ සිහින්ව කපාගත් මාළු මිරිස් එකතු කරගන්න. එයට ලුණු සහ ගම්මිරිස් දමා අනාගන්න.එයට මල්ගෝවා එක් කර අවසානයේ දෙහි දමා පිළිගන්වන්න.