පෙරේරා මහත්මියගේ දියණිය කිසිදු කරදරයකින් තොරව විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය කරගත්තා. මෙම ප්‍රතිකාරය කරගත යුතු ආකාරය ඉතා සරළව වෛiවරයා විසින් හොඳින් පැහැදිලි කරදී තිබූ නිසා කිසිදු බියකින් තොරව ප්‍රතිකාරය කරගැනීමට ඇයට හැකි වුණා. අයඩින් කරල පානය කර විනාඩි 30ක් පමණ ගතවූවාට පසු ඇගේ බෙල්ලට මීටර් 1ක් දුරින් විකිරණවල ප්‍රමාණය සායනික භෞතික විiාඥයා විසින් මැන බලා, එම අගය ඇයව රෝහලින් මුදාහැරීමට සුදුසු අගයේ ඇති බවට තහවුරු කරනු ලැබුවා.
ඉන් අනතුරුව ඇය කරනු ලැබුයේ, නිවසට යාමට පැමිණ තිබූ වෑන් එකට ඉතා ඉක්මනින් ගොඩවී එහි පිටිපසම අසුනේ වාඩිවීමයි. ඇගේ මව රියැදුරු අසුනට පසෙකින් ඉදිරියෙන්ම වූ අසුනේ වාඩි වුණා. අතරමඟ කිසිදු තැනක නවත්වන්නේ නැතිව ඉතා ඉක්මනින්ම නිවස බලා ගමන් කිරීම සිදුවුණා. ඇය එසේ කළේ ඇයට ලැබූ තිබූ වෛi උපදෙස් අනුවයි. ගෙදර යෑමට පොදු ප්‍රවාහන සේවා භාවිත නොකරන ලෙසටත් අන් අය ළඟින් වාඩිවී ගමන් නොකරන ලෙසටත් ඇයට උපදෙස් ලැබී තිබුණා. එසේ කළේ අන් අය ඇගේ සිරුරෙන් පිටවන විකිරණවලට නිරාවරණය වීම වළකාලීමටයි.
අයඩින් ප්‍රතිකාරයෙන් පසු පැය 2ක් පමණ කාලයක් යනතුරු ඇය කිසිදු ආහාරයක් අනුභව කළේ නෑ. ඒ අයඩින් ඉතා හොඳින් සිරුරට උරාගැනීම පහසු කිරීමටයි. ඇයට ලබාදුන් විකිරණශීලී අයඩින් සිරුරට උරාගත් පසු රුධිරය මගින් සිරුර පුරා ගමන් කර බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථිය තිබූ තැන ඉතිරිව තිබෙන සාමාන්‍ය තයිරොයිඩ් සෛල තුළටත් බල්ලේ හෝ සිරුරේ ඕනෑම තැනක තයිරොයිඩ් පිළිකා සෛල තිබේ නම් ඒවාටත් උරාගනු ලබනවා.
එසේ උරාගන්නා අයඩින් මගින් වර්ග දෙකක විකිරණ මුදාහැරීම සිදුකරනවා. ඉන් එක් වර්ගයක් සෛලය තුළදීම තම ශක්තිය සම්පූර්ණයෙන්ම මුදාහැර නැතිවී යනවා. ඉතිරිව ඇති සාමාන්‍ය තයිරොයිඩ් සෛල සහ පිළිකා සෛල විනාශ වන්නේ ඉහත සඳහන් කළ වර්ගයේ විකිරණ නිසායි. නමුත් අනෙක් වර්ගයේ විකිරණවල ශක්තිය ඉතා වැඩි අතර ඒවා ශරීරයෙන් පිටතට පිටව යනවා.
අන් අයට රෝගියාගෙන් ඈත්වී සිටීමට උපදෙස් ලැබෙන්නේ මෙන්න මේ දෙවෙනි වර්ගයේ විකිරණවලින් ආරක්ෂා වීමටයි. සාමාන්‍යයෙන් මිලි කියුරි තිහක කුඩා මාත්‍රාවක් ලබාගත් රෝගියකුගෙන් පිටවන මෙම විකිරණ, ප්‍රතිකාරයෙන් දින 14ක් පමණ ගතවන විට අනතුරුදායක අගයෙන් පහළ අගයකට අඩුවනවා. ඒ නිසා ප්‍රතිකාරයෙන් දින 14ක් ගතවන තුරු රෝගියාට වෙනමම කාමරයකට වී නිරෝධායනයකට ලක්වන්නට උපදෙස් ලැබෙනවා.
කෙසේ වෙතත් අපහසුතාවක් නොමැති අයට දින 28ක්ම මේ ආකාරයට අන් අයගෙන් වෙන්වී සිටීම වඩාත් ආරක්ෂාකාරී වෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ ගර්භණී කාන්තාවන් මේ කාලයේදී මෙම රෝගීන්ගෙන් දුරස්වී සිටීම අනිවාර්ය වෙනවා.සිරුර තුළට ලබාගත් විකිරණශීලී අයඩින් උරාගනු ලබන්නේ තයිරොයිඩ් සෛල මගින් පමණක් නෙවෙයි. හිස ආශ්‍රිතව තිබෙන, කෙළ නිපදවා ශ්‍රාවය කරන ඛේට ග්රන්ථිවලිනුත් අයඩින් උරාගනු ලබනවා.
විකිරණශීලී අයඩින් බොහෝ කාලයක් එම සෛල තුළ තිබුණහොත් එමගින් පිටවන විකිරණවලින් ඛේට ග්‍රන්ථි සෛල විනාශ වී කෙළ නිපදවීම අඩුවී මුඛය වියළී යෑමට ඉඩ තිබෙනවා. මෙයට වෛi විiාත්මකව කියන්නෙ “සෙරොස්ටෝමියා” කියායි. මෙම තත්ත්වය ඇතිවීමට ඉඩ නොදී ඛේට ග්‍රන්ථි සෛල නිරෝගීව තබාගැනීමට නම් ඒවායින්
උරාගන්නා අයඩින් ඉතා ඉක්මනින් ඒවායින් ඉවත් කළ යුතුයි. මේ සඳහා විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය ගත් කෙනෙකු පළමු දින 5 තුළදී නිතරම ඇඹුල් රසැති දෙයක් කටේ තබාගෙන කෙළ නිපදවීම උද්දීපනය කළ යුතු අතර එවිට ඛේට ග්රන්ථිවලින් අයඩින් ඉතා ඉක්මනින් ඉවත් වීම සිදුවනවා. තවද දිනකට වතුර ලීටර් 3කට වඩා වැඩි ප්‍රමාණයක් පළමු දින 5 තුළදී පානය කිරීමද සිදුකළ යුතුයි.
තමුන් අන් අයගෙන් ඉවත්ව සිටින කාලය තුළදී කලාතුරකින් නිවැසියන්ට තමුන් ළඟට ඒමට සිදුවිය හැකියි. එසේ වන්නේ අයඩින් ලබාගත් රෝගියාට හදිසියේ වෙනත් රෝගී තත්ත්වයක් ඇතිවූ විටයි. එවිට නිවසේ සිටින කෙනකුට ඉක්මනට රෝගියා ළඟට ගොස් උදව් කළ හැකියි. හැබැයි මේ සඳහා කුඩා දරුවන් හෝ ගර්භණී කාන්තාවන් යොදා නොගත යුතුයි. රෝගියා ළඟට යෑමට පෙර ඈත සිට රෝගියා සමඟ කතාකර ළඟට ගොස් කළ යුතු දේ කල්තියා සැලසුම් කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දිනකට රෝගියාගේ සිට මීටරයක් දුරින් විනාඩි 45කුත්, මීටර 2ක් දුරින් පැය දෙකකුත්, මීටර 3ක් දුරින් පැය 7 කුත්, මීටර 4ක් දුරින් ඕනෑම කාලයකුත් ඉන්න පුළුවන්.
විකිරණවලින් ආරක්ෂා වීමට නම් අයඩින් ලබාගත් රෝගියාගේ සිට මීටර 4කට වඩා දුරින් සිටිය යුතු අතර රෝගියාගේ ළඟ සිටින කාලය ඉහත සඳහන් කළ ආකාරයට හැකි තරම් අඩු කළ යුතුයි. මින් පැහැදිලි වන තවත් කරුණක් තිබෙනවා. රෝගියා නිදාගන්නා ඇඳේ සිට අනික් අය නිදාගන්නා ඇඳන්වලට තිබෙන අවම රේඛීය දුර මීටර් 4ට වඩා වැඩි විය යුතුයි.අයඩින් ප්‍රතිකාරය ලබාගත් පසු නිතරම සෙරෙප්පු දෙකක් දමාගෙන සිටින ලෙසට පෙරේරා මහත්මියගේ දියණියට උපදෙස් ලැබුණා. එසේ කරන්නට කීවේ, ඇගේ කකුල්වල යටිපතුල්වලින් පිටවන දහදිය සමග ඇගේ සිරුරේ තිබෙන විකිරණශීලී අයඩින් ද පිටවන නිසයි. එම දහදිය නිවසේ බිම මත තැන්පත් වුවහොත් එමගින් නිරතුරුවම දින ගණනාවක් විකිරණ පිටවිය හැකියි.
තවද ඇයට නිරෝදායනය වන කාලය තුළදී වෙනමම නාන කාමරයක් සහ වැසිකිළියක් පාවිච්චි කළ යුතු වුණා. නිවසේ අන් අයට එම නාන කාමරය හෝ වැසිකළිය නිරෝදායන කාලය තුළ පාවිච්චි කිරීමට අවසර ලැබුණේ නෑ. මේ කාලයේදී ඇයට අවශ්‍ය කරන සබන් දත් බෙහෙත් ආදිය ද වෙනමම තබාගැනීමට සිදුවුණා. අඩුම තරමින් දිනකට එක් වරක්වත් ඇයට ජල ස්නානය කිරීමට සිදුවූ අතර එය ජල කරාමයකින් ගන්නා ජලයෙන් සිදුකළ යුතු වුණා. ඒ කියන්නේ ජලය පිරි පොකුණුවලට හෝ ටැංකිවලට බැස ජල ස්නානය කිරීමට ඇයට අවසර ලැබුණේ නෑ.
වැසිකිළි ගිය පසු “කොමෝඩයේ” පියන වසා තුන්වරක් වතුර “ප්ලෂ්” කිරීම සිදුකළා. දත් මැද කට සේදීමෙන් පසු කෙළ ගැසීම “කොමඩ්” එකටම සිදුකළ යුතු අතර “සින්ක්” එකට කට සෝදා දැමීම සිදු නොකළ යුතුයි. තවද කට සෝදා දැමීමෙන් පසු කොමඩ් එකේ පියන වසා දෙවතාවක් එය වතුර දමා “ප්ලෂ්” කළ යුතුයි. වැසිකිළිය සහ නාන කාමරය පිරිසිදු කිරීම රෝගියා විසින්ම සිදුකළ යුතු අතර ඒ සඳහා නිරෝදායන කාලය තුළ අන් අය යෙදවීම කිසිසේත්ම නොකළ යුතුයි.
අයඩින් ප්‍රතිකාරයෙන් දින 7කට පසුව මුළු සිරුරම ආවරණය වන පරිදි ගැමා ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුව තිබූ අතර ඊට දින දෙකකට පෙර සිට දිනපතා බඩ බුරුලෙන් යෑමට අවශ්‍ය කරන ඖෂධ ලබාගැනීමට පෙරේරා මහත්මියගේ දියණියට නියම වී තිබුණා. මේ ස්කෑන් පරීක්ෂණයත් නිරෝදායන කාලය තුළදීම කරගත යුතුව තිබූ නිසා ඒ සඳහා රෝහල වෙත යෑමට පොදු ප්‍රවාහන සේවයන් යොදා ගැනීමට ඇයට අවස්ථාව තිබුණේ නෑ.
ඒ සඳහා ද වෑන් රථයක් යොදාගත් අතර පෙර සේම පිටිපස අසුනේ කෙලවරක ඇය අසුන්ගත් අතර ඇගේ මව රියැදුරු අසුනේ පැත්තක වූ අනෙක් අසුනේ හිදගෙන ගමන් ගත්තා. ඇයට ලබාදී තිබූ නියමිත වේලාවට ඇය රෝහලට පැමිණි අතර කිසිදු රස්තියාදුවක් නොමැතිව ඇය වහාම ස්කෑන් පරීක්ෂාව කරන ස්ථානය වෙත රැගෙන ගියා. මෙහිදී ඇයට ගැමා ස්කෑන් යන්ත්‍රයේ සයනය මත පැය බාගයකට මදක් වැඩි කාලයක් නිසොල්මන්ව නිදාගෙන සිටීමට සිදුවුණා.
ඇගේ සිරුරෙන් පිටවන ගැමා විකිරණ මගින් ස්කෑන් පරීක්ෂාව සිදුවුණා. ස්කෑන් පරීක්ෂාව ඉවර වූ වහාම එම ස්ථානයෙන් ඉවතට ආ ඇය තයිරොක්සින් පෙති බීම නැවත ආරම්භ කළා. මේ මොහොත වනතෙක් ආහාර පාලනයක සිටි ඇයට මින්පසු ඕනෑම ආහාරයක් කිසිදු පාලනයකින් තොරව ගැනීමට අවසර ලැබුණා. කෙසේ නමුත් විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය ලබාගෙන නිරෝදායන කාලය තුළදී ඉතිරි වෙන්නේ නැතිව තමන්ට ලබාදෙන මුළු ආහාර ප්‍රමාණයම ආහාරයට ගැනීමට ඇයට සිදුවුණා.
ඒ නිසා මේ කාලය තුළදී ආහාරයට ගත නොහැකි කරපිංචා, රම්පේ, කුරුඳු පොතු, සේර, සියඹලා, මස් කටු, වරල්, මාළු කටු ආදිය ඇගේ කෑම පිඟානෙන් ඉවත් කර කෑමට ගත හැකි දේ පමණක් ඇයට ලබාදීමට නිවැසියන්ට උපදෙස් ලැබී තිබුණා.නිරෝදායන කාලය තුළදී ඇගේ ඇඳුම් ඇයටම තම නාන කාමරය තුළ සෝදා ගැනීමට සිදුවුණා. නමුත් රෙදි සෝදන යන්ත්‍රය මේ සඳහා යොදා ගැනීමට ඇයට අවසර ලැබුණේ නෑ.
කෙසේ නමුත් නිරෝදායන කාලය අවසන් වූ පසු ඇය විසින් පාවිච්චි කළ තුවාය, කොට්ට උර, ඇඳ ඇතිරිලි ඇතුළු අනෙකුත් ඇඳුම් සියල්ලම දෙවතාවක් සෝදා දෙවතාවක් වියළා ගත් අතර ඉන්පසු නිවසේ අනෙක් අයගේ ඇඳුම් සමග ඒවා මිශ්‍ර වූවාට ප්‍රශ්නයක් නැති බවට තහවුරු කරගෙන තිබුණා. ඉහත කාලය තුළදී ඇයට ඇඳුම් වැනීමට වෙනමම රෙදි වැලක් ලබාදී තිබුණා. තවද මෙම කාලය තුළදී පාවිච්චි කළ කිසිදු ඇඳුමක් හෝ ඇඳ ඇතිරිල්ලක් පුළුස්සා දැමීමේ අවශ්‍යතාවක් තිබුණේ නෑ.
අයඩින් ප්‍රතිකාරය කර මාසයකට පසුව T4, TSH සහ රුධිර කැල්සියම් ප්‍රමාණ මැනගැනීම සඳහා රුධිර සාම්පල ලබාදීමට ඇයට සිදුවුණා. මෙම රුධිර පරීක්ෂාවල ප්‍රතිඵලත් ගැමා ස්කෑන් පරීක්ෂා වාර්තාවත් රැගෙන පිළිකා රෝග විශේෂඥ වෛiවරයා හමුවීමට ඇය තම මව සමග රෝහලට ගියා. නිරෝදායන කාලය පසුවී තිබූ නිසා මෙවර නම් ඇයට බස් එකේ සායනයට යන්න පුළුවන් වුණා. ඉහත සියලුම වාර්තා එකින් එක පරීක්ෂා කර බැලූ වෛiවරයා කතාව පටන් ගත්තා.
“දැන් කොහොමද? ලොකු අමාරුවක් වුණේ නෑ නේද ප්‍රතිකාරයෙන් පස්සේ?”
“නෑ ඩොක්ටර් හැම දේම කලින් කියල දීල තිබුණ නිසා කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ.”
ගැමා ස්කෑන් පරීක්ෂාවේ ඡායාරූපය පෙන්වමින් වෛiවරයා එය පැහැදිලි කරන්න පටන් ගත්තා.
“ඔයාලට පේනවද මිනිස් රූපයක බොද වුණ ඡායාවක් මෙතන. මේ පේන්නේ ඔයාගේ රූපය. මේ තියෙන්නේ ඔළුව. මේ බෙල්ල. මේ අත් දෙක. මේ පපුව හරිය. මේ තියෙන්නේ උදරය. කකුල් දෙක තමයි මේ තියන්නේ. පේනවද ඔයාලට මේ බෙල්ල හරියේ තද පාට ටිකක් ලොකු පැල්ලමක් තියෙනවා. ඒ තමයි බෙල්ලේ ඉතුරුවෙලා තිබුණ තයිරොයිඩ් සෛල වලින් උරාගත් විකිරණශීලී අයඩින්වලින් පිටකරන විකිරණ.
එතන පිළිකා සෛල ඉතුරුවෙලා තිබෙන්නත් පුළුවන්. හැබැයි තව මාස කිහිපයක් ගතවෙනකොට ඒ සියල්ලම මැරෙනවා. අපි මාස තුනකින් විතර ඒ සෛල සියල්ල මාරුණද කියල බලන්න ලේ පරීක්ෂණයක් කරනවා. ඒ “සීරම් තයිරොග්ලොබියුලින්” සහ “ඇන්ටි තයිරොග්ලොබියුලින් ඇන්ටිබොඩි” පරීක්ෂාවන්.
එම පරීක්ෂාවන් අනුව අපිට නිගමනයකට එන්න පුළුවන් ප්‍රතිකාරයෙන් පසු තත්ත්වය කොහොමද කියලා. බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථිය තිබුණ තැන හැර සිරුරේ වෙනත් තැන්වල අයඩින් එකතුවෙලා තිබුණ බවට කිසිදු හෝඩුවාවක් නෑ. ඒ කියන්නේ මේ පිළිකාව සිරුරේ වෙනත් තැන්වලට පැතිරිලා තිබිල නෑ. ඒක ගොඩක් හොඳ තත්ත්වයක්. ඔයාට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් තිබුණු නිසා ඔයාගේ රුධිර TSH මට්ටම සාමාන්‍ය අගයට වඩා ටිකක් අඩුවෙන් තමයි තියාගන්නේ.
බැරිවෙලාවත් පිළිකා සෛල කිහිපයක් හෝ ඉතුරුවෙලා තිබුණොත් ඒවාට වර්ධනය වෙන්න බැරිවෙන්න තමයි එහෙම කරන්නේ. හැබැයි ඕනවට වඩා TSH අගය අඩු කරන්නත් හොඳ නෑ. එහෙම අඩු වුණොත් සමහර රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අත් ඇඟිලි වෙව්ලීම හෘදස්පන්දනය ඇඟට දැනීම, ඉතා අදික ලෙස දහදිය දැමීම, ඇඟපත වේදනාව ඇතිවීම, හිසකෙස් ගැලවී යාම ආදිය ඇතිවෙන්න පුළුවන්.
එවිට තයිරොක්සින් මාත්‍රාව අඩු කිරීමට සිදුවෙනවා. දැන් අපි කරන්නේ තයිරොක්සින් පෙති බොන අතරේ මාස 3න් 3ට T4, TSH පරීක්ෂාව කිරීමත් වසරකට වරක් රුධිර තයිරොග්ලොබියුන් ප්‍රමාණය මැන බැලීමත්”
“හරි ඩොක්ටර් බොහොම පිං”
තව දෙයක් මට කියන්න අමතක වුණා. ගොඩක් තයිරොක්සින් පෙති තියන්න ඕන සෙන්ටිග්‍රේඩ් අංශක 25ට වඩා අඩු උෂ්ණත්වයක. ඒ නිසා ශීතකරණයේ දොරේ ඒ පෙති තියන්න අමතක කරන්න එපා.
හරින්දී ලියනගේ ✍️