අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පෙති 10
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 1/2
- සීනි කෝප්ප 3/4
- වැනිලා ස්වල්පයක්
- චොප්කරගත් කජු ස්වල්පයක්
- කැරමල් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි මේස හැඳි 5
- වතුර මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
පෑන් එකක් ළිප තබා රත්වූ පසු සීනි ටික එකතු කරගන්න. මද වේලාවකට පසුව වතුර දමා කලවම් කර කැරමල් එක හදාගන්න. බේකින් ට්‍රේ එකකට මේ කැරමල් එක දාලා කරකවන්න.
පාන් ටික පොඩි කෑලිවලට කඩාගෙන කිරි එකතු කර හොඳට කලවම් කරගන්න. ඊළඟට සීනි හා වැනිලා දාලා නැවත හොඳින් කලවම් කරගන්න. කැරමල් එක දාගත්තු ට්‍රේ එකට මේ පුඩින් මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 40 ක් බේක් කරගන්න.